Image

කෙහෙලිය ඇප මත මුදා හරියි

කෙහෙලිය ඇප මත මුදා හරියි

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම අද (18) නියෝග කළේ ය.

ලක්ෂ 10  බැගින් වු ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ රටේ වැදගත් පුරාවස්තුවක් වන සඳගල  පුරා වස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාළව දැනට පැවැත්වෙන විමර්ශනයක දී හෙළි වූ කරුණු අනුව මෙම සැකකරු අත්අඩංගුට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිස පවසා සිටියේ හිටපු අමාත්‍ය කෙහෙළිය මේ නඩුවේ දෙවන සැකකරු බවයි.

මෙම නඩුවට අමතරව රුපවාහිනි සංස්ථාවේ  අවශ්‍ය නොවන මොහොතක කාර්යාල සහායක තනතුරු 2ක් සහ රියදුරු තනතුරු  4ක් ලබා දී රජයට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව ද  හිටපු අමාත්‍ය කෙහෙළිය  රඹුක්වැල්ල ඇප මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම අද (18) නියෝග කළේ ය.

සැකකරුට ලක්ෂ 50  බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න