හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධියට අදාළව පැමිණිලි ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළා.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් කළා.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී ඇප මතසිටින සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගේ උපදෙස්වලට යවා ඇති බවයි. එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ සැකකරු සම්බන්ධයෙන් 486 සහ 433 යටතේ පැමිණිලි ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් සහ අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයා ගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.
ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැප්තැම්බර් 14 වැනි නැවත නඩුව කැඳවිමට නියෝග කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
