මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් 2016 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී කොකේන් ග්‍රෑම් 495ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.
විත්තිකරු ට එරෙහිව ගොනු කර ඇති චෝදනා දෙකම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බැවින් දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනා දෙකට වෙන් වෙනුවෙන් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.
ඒ 2016 .10.03 කොකෙන් ග්‍රැම් 495ක් සමග අත්අඩංගුවට ගත් අතර එහි ශුද්ධ කොකෙන් ග්‍රැම් 375ක් අඩංගු බව රජයේ රස පරික්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණි. 2016 වර්ෂයේ දී කොළඹ මහාධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව වරදකරු කරමින් මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ මීතොට මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටතුන් වියැති මුස්ලිම් ජාතිකයෙකු වන මොහොමඩ් රාසික් නැමති පුද්ගලයකුට ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
