හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇත්තේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව යාය 10 ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය නැමැත්තාගේය.
සැකකාර විදුහල්පතිවරයා මීට පෙර තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි හමුවට ඉදිරිපත් කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ සැකකරු දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසය.
ඒ අනුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා ලබන 12 වැනිදා යළි තමුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
