Image

එක්සත් ජනපද–ශ්‍රී ලංකා ඒකාබද්ධ ඩෙංගු ප්‍රතිචාර වැඩසටහන දියත් කරයි

එක්සත් ජනපද–ශ්‍රී ලංකා ඒකාබද්ධ ඩෙංගු ප්‍රතිචාර වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකාව පුරා සැලකිය යුතු ලෙස පැතිර යන ඩෙංගු ව්‍යාප්තියට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව, මහජන සෞඛ්‍ය පළිබෝධ පාලන සහ වාහක-සම්ප්‍රේෂිත රෝග ප්‍රතිචාර වැඩසටහනක් ආරම්භ කර ඇත.

එමගින් ඩෙංගු රෝගය වැළැක්වීම, කල්තියා හඳුනාගැනීම සහ ඊට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරයි.

 

මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර

මෙම වැඩසටහන සඳහා අරමුදල් සපයන්නේ එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ විදේශීය මානුෂීය, ආපදා සහ සිවිල් ආධාර (Overseas Humanitarian, Disaster, and Civic Aid (OHDACA) program) වැඩසටහන හරහා ය. මෙම මුලපිරීම මගින් එක්සත් ජනපද පැසිෆික් හමුදාව (USARPAC) සහ එක්සත් ජනපද හමුදාවේ 18 වන තියටර් වෛද්‍ය විධානයේ (18th Theater Medical Command) විශේෂඥයන්, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයින් සමග එක් වෙමින්, නිවාරණ වෛද්‍ය විද්‍යාව, රෝග නිරීක්ෂණ, කීට විද්‍යාව සහ ඒකාබද්ධ වාහක කළමනාකරණය පිළිබඳ ඇමරිකානු විශේෂඥ දැනුම හුවමාරු කර ගනිති. කොළඹ දී පැවැත්වෙන මෙම වැඩසටහන, මදුරුවන්  බෝවන ස්ථාන ඉවත් කිරීමේ වැඩසටහන්, මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ පුරෝකථන පදනම් කරගත් රෝග වැළැක්වීමේ ක්‍රමවේදවලට අනුකූල වෙමින්, ශ්‍රී ලංකාවේ රටපුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සහාය දක්වයි.

 

ඉදිරි වසර ගණනාව පුරා  ශ්‍රී ලාංකීය ප්‍රජාව ආරක්ෂා කිරීම

"ශ්‍රී ලංකාව පුරා පවුල් සහ ප්‍රජාව සඳහා ඩෙංගු රෝගය තවදුරටත් බරපතළ අභියෝගයක් වී තිබෙනවා," යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි ජේන් හොවෙල්  පැවසුවාය. "මෙම හවුල්කාරිත්වය හරහා, එක්සත් ජනපදය නිවාරණ වෛද්‍ය විද්‍යාව, කීට විද්‍යාව, රෝග නිරීක්ෂණ සහ වාහක පාලනය පිළිබඳ ඇමරිකානු විශේෂඥ දැනුම හුවමාරු කර ගනී. මෙය ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ඩෙංගු ව්‍යාප්තියට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කරන අතරම, ඉදිරි වසර ගණනාව පුරා  ශ්‍රී ලාංකීය ප්‍රජාවන් ආරක්ෂා කිරීමට දායක වන තිරසාර හැකියා ගොඩනගනු ඇත." යනුවෙන් වැඩබලන තානාපතිනි ජේන් හොවෙල්  තවදුරටත් පැවසුවා ය.

 

එක්සත් ජනපද–ශ්‍රී ලංකා හවුල්කාරිත්වය පිළිබිඹු කිරීමක්

මෙම මුලපිරීම, CARAT සහ Atlas Angel යනාදි අභ්‍යාස හරහා සිදු කෙරෙන හමුදා අතර සහයෝගීතාව මෙන්ම මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමග පවතින පුහුණු හවුල්කාරිත්වය ඔස්සේ ආරක්ෂාව, ඔරොත්තු දීමේ හැකියාව සහ සූදානම ප්‍රවර්ධනය කරන පුළුල් සහ දිගුකාලීන එක්සත් ජනපද–ශ්‍රී ලංකා හවුල්කාරිත්වය පිළිබිඹු කරයි. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව, ස්වාභාවික විපත්, මානුෂීය හදිසි අවස්ථා සහ ඩෙංගු බඳු මහජන සෞඛ්‍ය තර්ජන ඇතුළු පොදු අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය හැකියා ගොඩනගමින්, ජාතික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන අතර, වඩාත් ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක් ගොඩනැගීමට ද දායක වෙයි.

 ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩසටහන් සහ හවුල්කාරිත්වයන් පිළිබඳ නවතම තොරතුරු සඳහා, https://lk.usembassy.gov වෙත පිවිසෙන්න. එසේම, Facebook, X, Instagram සහ YouTube හි @USEmbSL අනුගමනය කරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න