රට තුළ පවතින ඕනෑම අර්බුදකාරි අවස්ථාවක දී වුව ද රෝහල් පද්ධතිය සහ එහි පාර්ශවකරුවන් ආරක්ෂා කරමින් අවශ්‍ය මූලික පහසුකම් සපයමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ඕනෑම රජයක අත්හල නොහැකි වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මෙලෙස සඳහන් කර තිබුණේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම සියලු කරුණු සමාලෝචනය කරමින් ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් හෙට දිනයේදි ප්‍රකාශයට පත් වීමට නියමිත අතර නිදහස් සෞඛ්‍ය රැකගැනීමේ වගකීමෙන් වගකිවයුත්තන්ට කිසිසේත් පැන යා නොහැකි බව අවධාරණය කරන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

