උපසම්පදා පුණ්‍ය කර්මය සම්බන්ධයෙන් සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් එම පාර්ශවයන්හි අනුනායක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි.
ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීම මත උපසම්පදාව, එහි චාරිත්‍ර සම්ප්‍රදායන් පිළිබඳව එහිදී දැනුවත් කිරීම සිදු කෙරිණි.
සියම් මහා නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්ට අයත් භික්ෂූන් වහන්සේලා සඳහා උසස් පැවිදි භාවය ලබාදීම උපසම්පදා මහෝත්සවය යටතේ සිදුකරන අතර සෑම වර්ෂයක දී ම වෙසක් පුර පසළොස්වක පෝය දිනයෙන් ආරම්භ වන උපසම්පදාව පොහොන් පුර පසළොස්වක පෝය දිනයෙන් අවසන් වේ.
වයස අවුරුදු 20 සම්පූර්ණ වූ සාමණේර භික්ෂූන් වහන්සේලා, ගුරු හා කාරක සංඝ සභාවේ අනුමැතියෙන් උපසම්පදාවට පත් කරන අතර මෙම සම්ප්‍රදායන් පිළිබදව දැනුවත් කිරීමේ අවස්ථාවට 250කට අධික භික්ෂූන් වහන්සේ සහභාගීවූහ.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඇතුළු මහා මහා සංඝරත්නය ද මහනුවර ඓතිහාසික නාථ දේවාලයේ බස්නායක නිලමේ අසේල බණ්ඩාරනායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
