එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද සිදුවිය.
එම හමුව පිළිබඳ X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස පවසා තිබුණේ අපගේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝග සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා පැවැත්වූ බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
