ඌන සේවා උපාධිධාරීන්ටත් ගුරු විභාගය ලියන්නත් බැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඌන සේවා උපාධිධාරීන්ටත් ගුරු විභාගය ලියන්නත් බැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ මොහොත වන විට රටේ රාජ්‍ය සේවයේ ඉහළ සුදුසුකම් ලැබූ, නමුත් පහළ තනතුරුවල සේවය කරන පිරිසක් සිටින බවත්, මේ ඌන සේවා උපාධිධාරීන්ට ද රටේ නිදහස් අධ්‍යාපනයේ ගුරු සේවයට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, ගුරු සේවයට ප්‍රවේශ වීමේ දී වලංගු උපාධි දිනය ලෙස 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ වත්මන් ගුරු විභාගය තුළ දී සීමිත ගුරු විභාගයේ ගැටලු රැසක් පැවැතීම නිසා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඌන සේවා උපාධිධාරීන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''උපාධිය, පශ්චාත් උපාධිය ලබා අදටත් රාජ්‍ය සේවයේ කාර්යාල කාර්ය සහායකයන්, කම්කරුවන් හා රසායනගාර සහායකයන් ලෙස විශාල පිරිසක් සිටිනවා. අද මේ අය ඉන්න ඔ්නි තැන නොසිටින නිසා රාජ්‍ය සේවය තුළ සිටින ඌන සේවා උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් වීමට පවත්වන විභාගය සඳහා අයදුම් කිරීම 19 වැනිදා අවසන් වන නිසා ඊට පෙර මොවුන්ට හිමි සාධාරණත්වය සිදුවිය යුතු යි. එබැවින් රජය මේ අනුගමනය කරන ක්‍රමවේදය වෙනස් කර, 2025 දෙසැම්බර් 31 දක්වා වලංගු දිනය වෙනස් කර, මොවුන්ට ද විභාගයට මුහුණ දීමේ අවස්ථාව ලබා දිය යුතු යි. ගුරු සේවයට උපාධිධාරීන් බදවා ගැනීමේ රෙගුලාසිවල ගැටලු ඇති නිසා මේවා නිවැරදි විය යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න