එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් කිරීම : විත්ති­ක­රු­ව­කුට දුන් උසස් වීමක් ගැන එක්නැ­ලි­ගොඩ බිරිය ජන­ප­තිට ලියයි

එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් කිරීම : විත්ති­ක­රු­ව­කුට දුන් උසස් වීමක් ගැන එක්නැ­ලි­ගොඩ බිරිය ජන­ප­තිට ලියයි

මාධ්‍ය­වේදි ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ගොනු කර ඇති නඩුවේ චූදි­ත­යකු වන යුද හමුදා බුද්ධි නිල­ධා­රි­ය­කුට උසස් වීමක් දීම පිළි­බඳ විරෝ­ධය පළ කර­මින් ප්‍රගීත් එක්නැ­ලි­ගො­ඩගේ බිරි­ය­ වන සන්ධ්‍යා එක්නැ­ලි­ගොඩ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක වෙත ලිපි­යක් යවා ඇත.

ලුති­නන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් නම් නිල­ධා­රියා මෙසේ කර්නල් තන­තු­රට උසස් කර ඇති බව එම ලිපියේ දැක්වේ.

2010.01.24 දා තම ස්වාමි­පු­රු­ෂයා අතු­රු­දන් වීම සම්බ­න්ධ­යෙන් පව­තින අප­රාධ නඩුවේ මොහු විත්ති­ක­රු­වකු බව ඇය එම ලිපියේ දීර්ඝව සඳ­හන් කර තිබේ.

සන්ධ්‍යා එක්නැ­ලි­ගො­ඩගේ ලිපි­යට අනුව නීති­ප­ති­ව­රයා විසින් 2019දී ඔහුට එරෙ­හිව අධි­චෝ­දනා 17ක් ගොනු කර ඇති අතර, ඊට මිනී­මැ­රුම් චෝද­නා­වක්ද ඇතු­ළත්ය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මීට අදාළ කරුණු රැසක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙන බවද එහි දැක්වේ.

එක්නැ­ලි­ගොඩ නඩුවේ චුදි­ත­යකු වන විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු විසින් නඩුවේ ප්‍රධාන සාක්ෂි­ක­රු­ව­කුට තර්ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් පව­තින නඩු­වක් පිළි­බ­ඳ­වද ඒ ලිපියේ වැඩි­දු­ර­ටත් සඳ­හන්ය.

(ශාලික විම­ල­සේන)

Scan 20260113

Scan 20260113 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න