කන්නඩ සහ දෙමළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැගී එන නිළියක වන නන්දිනී සී.එම්. ඉන්දියාවේ බෙන්ගලූරුහි පිහිටි ඇයගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඇය ප්‍රමුඛ පෙළේ දෙමළ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිටි බව මාධ්‍ය වාර්තා සඳහන් කරති.
ඇයගේ දේහය අසල තිබී පොලිසිය සොයාගත් ලිපියක, ඇය මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු කිහිපයක් සඳහන් කර ඇති බව වාර්තා වේ.
තමා මානසිකව සූදානම් නොමැති අවස්ථාවක විවාහ වන ලෙස දෙමාපියන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම මීට ප්‍රධාන හේතුවක් බව ඇය එම ලිපියෙන් පවසා තිබේ..
විවාහය පිළිබඳ පීඩනයට අමතරව, වෙනත් පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් තමා දැඩි ලෙස විෂාදයට (Depression) ලක්ව සිටි බව ඇය සඳහන් කර ඇත..
බෙන්ගලූරු පොලිසිය පවසන්නේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඇයගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතින බවත්ය.
ඇය මෑතකදී රඟපෑ දෙමළ ටෙලි නාට්‍යයක ඇයගේ චරිතය වස පානය කරන දර්ශනයක් තිබීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහ නිර්මාණය වී ඇතත්, රංගනය සහ ඇයගේ සැබෑ මරණය අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් අනාවරණය වී නොමැති බව බලධාරීන් අවධාරණය කරයි.
මුලාශ්‍ර :
Who was Nandini CM? The 26 year old Kannada and Tamil TV star who lost life to suicide

