ඉමල්කා උදේශනී ගේ 'සතුටු වතුර ගලා ඇවිත්' - සූම් සංවාදයට

ඉමල්කා උදේශනී ගේ 'සතුටු වතුර ගලා ඇවිත්' - සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව පිළිබඳ සූම් සංවාදයක් 2026 පෙබරවාරි මස 15 වැනිදා ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ.

සතුටු වතුර ගලා ඇවිත්' 2024 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ යොවුන් සාහිත්‍ය කෘතිය සඳහා පිරිනැමෙන සම්මානයේ අවසන් වටයට නිර්දේශ විය. මෙම සූම් සංවාදය, Lit Room සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සාහිත්‍ය සංවාද මාලාවේ සිවුවැන්න ලෙස පැවැත්වේ. නිරෝෂ ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන මෙම සංවාදය සඳහා ප්‍රවීණ සාහිත්‍ය විචාරක විමලනාත් වීරරත්න, ප්‍රවීණ කිවිවර රංජිත් මල්ලියාවඩු සහ සාහිත්‍යවේදිනි සජීවිකා වීරතුංග සම්පත් දායකයන් ලෙස සහභාගි වීමට නියමිත ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියකව සිටි සමයේ පුවත්පත් සඟරාවලට දායක වෙමින් ප්‍රකට කිවිඳියක බවට පත්වූ ඉමල්කා උදේශිනී පසුව ජනමාධ්‍යවේදීනියක් ලෙස ද කටයුතු කළා ය. 1994 දී ‘සම්මානය’ නමින් සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය සමඟ ලේඛන කලාවට පීවිසුණු ඇය 1997 දී ‘දුක්ඛ ප්‍රාතිහාර්ය’ නම් දෙවන කෙටිකතා සංග්‍රහය ද, 2006 දී ‘මේ වැව අයිති කාටද’ යන කාව්‍ය සංග්‍රහය ද මුද්‍රණයෙන් ජන ගත කළා ය.

පදවිපුර දුශ්කර පාසැලක ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියදී ලබාගත් අත්දැකීම් මත පදනම්ව, නැගෙනහිර පළාතේ ජල ගැටලුවට විසඳුම් සොයන දරුවන් පස් දෙනෙකු පාදක කොට ගෙන රචනා වී ඇති 'සතුටු වතුර ගලා ඇවිත්'' යොවුන් නවකතාව ගොඩගේ ප්‍රකාශනයකි. කවර නිර්මාණය මොල සෙනෙවිරත්න ගෙනි.sathuta

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න