1979 දී ඉරාන ජනතාව ඇමරිකානු වහල් රජු වූ ෂා බලයෙන් පහ කළ දා සිට, ඉරානයට ආර්ථික සම්බාධක සහ අවහිර කිරීම් පනවා ඇත. විවිධ ස්ථානවල ඩොලර් බිලියන සියයකට ආසන්න ඉරාන වත්කම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හිර කර ඇත. ඩොලර් ට්‍රිලියන ගණන් මේ ආර්ථික තහංචි නිසා ඉරානයට අහිමි වී ඇත.
ඉස්ලාමයේ නීතී රීති හරියාකාරව පිළිපදින මිනිස්සු
මේ දක්වා ඇති දරුණුතම ආර්ථික අර්බුදයෙන් බේරීමට ඉරානය සමත් වී ඇති අතර, එය විශිෂ්ට ජයග්‍රහණයකි. එළිය ලෝකයේ සිට ඉරානය දිහා බලනවා ට වඩා ඉරානයට සංචාරය කර ඇති අයට ඉරානය ගැන අවබෝයක් හා හොඳ පැහැදීමක් ඇති බව පැහැදිලිය ලෝකේ ලස්සනම මිනිස්සු ජීවත් වන්නේ ඉරානයේ ය.
වරක් මම මගේ ළඟම නීතිඥ මිත්‍රයෙක් සමග ඉරානයේ සංචාරයක යෙදී සිටිය දී ඔහු මගෙන් "සත්තාර් මේ රටේ කැතට පේන කිසිම කෙනෙක් නෑ නේ... පිරිමින් පවා ලස්සනයි නේද" යනුවෙන් ඇසුවේ ය. ඉරානුවන් හරිම ලස්සනයි අපි කතාවට අහල තියෙනවා පර්සියානු පූසෝත් ලස්සනයි කියලා ඒ වගේම ඉරානුවන් හරිම බුද්දිමත් ඒ වගේම හරිම කරුණාවන්ත ය. බටහිරට ළැදි මුස්ලිම්වරු සමහරක් අය ෂීයා යන මාතෘකාවක් යොදවමින් වෙනත් විදිහට ආගම අදහන්නන් ලෙස ඉරානුවන්ව භේද කරන්න හැදුවත් ඉස්ලාමයේ නීතී රීති හරියාකාරව පිළිපදින මිනිස්සු මම දැක්කේ ඉරානයේ ය.
විශේෂ සිදුවීම්
v පසුගිය ජුනි මාසයේ සිදු වූ දින 12ක යුද්ධය ඉරානයේ උද්ධමනය තවදුරටත් උග්‍ර කර ඇත.
v ඉරාන රියාල්හි වටිනාකම සියයට හැත්තෑවකින් පහත වැටී ඇත.
v භාණ්ඩවල මිල ද එම අනුපාතයටම ආසන්න වශයෙන් වැඩි වී ඇත.
v ජනතාවගේ වියදම් කිරීමේ බලය අඩු වී ඇති බැවින්, වෙළඳුන්ට ව්‍යාපාර අහිමි වී ඇත.
v වෙළඳුන් තම සාප්පු වසා දමා වීදි බසිති. ඔවුන්ගේ සටන් පාඨය එකකි; ඒ "ජීවන බර අඩු කළ යුතුය." යන්න ය.
v බලපෑමට ලක් වූ ජනතාව ද වීදිවල වෙළෙන්දන් සමග එක්වෙමින් සිටිති,
v ජනගහනය වර්ධනය වෙමින් පවතී.
v විරෝධතා රටේ විවිධ පළාත්, දිස්ත්‍රික්ක සහ නගර වෙත ව්‍යාප්ත වේ.
v විශ්ව විද්‍යාල සිසුන් ද එක්වෙති,
v විරෝධතා වේගවත් වේ,
v රජය විරෝධතාකරුවන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරයි.
කෝපයට පත් නොවන රජය
මේ දක්වා සියල්ල සාමාන්‍ය සොභාවයෙන් සිදුවෙමින් පවතී, බටහිර මාධ්‍ය ලොකු කරන තරමට ඉරානයට මේ අරගලය ලොකු නැත, ඉස්ලාමිය විප්ලවයෙන් පසු මේ වගේ අරගල සිය දහස් ගණනකට මුහුණ දුන් ඉරාන නායක අයතොල්ලාහ් කාමේනිට හා බලවත් ඉරාන හමුදාවන්ට මේ සිදුවීම සුළු දෙයකි. කුමන්ත්‍රණයක් අපේක්ෂා කළ ඊශ්‍රායලය, ඉරාන රජයේ පරිණත හැසිරවීම ගැන කලකිරීමට පත්ව ඇත. දින 12 ක යුද්ධයෙන් පසු පිරිසිදු කිරීමෙන් බේරුණු මොසාඩ් නියෝජිතයන් සමූහයා තුළට රිංගා ඇත. තත්වය වෙනස් වේ. ඉරාන ආරක්ෂක නිලධාරියෙකු මරා දමයි. රජයේ ගොඩනැගිලි ගිනි තබයි. කෙසේ වෙතත්, රජය කෝපයට පත් නොවේ. එය කළ යුතු දේ කරයි, මොසාඩ් නියෝජිතයන් පමණක් හරියටම අල්ලා ගනී.
ඉරානයේ බහුතර කැමැත්ත
කුමන්ත්‍රණයක් ගැන සිහින දකිමින් සිටි ඊශ්‍රායලයට පසුබට වීම හැර වෙනත් විකල්පයක් නැත. ඊශ්‍රායලය විසින් බටහිර මාධ්‍ය පාලනය කරනු ඇත. දුසිමකට අධික පිරිසක් මරා දමා ඇති බවට ඉරාන රජය කටකතා පතුරුවමින් සිටී. ඔවුන් ට්‍රම්ප් ද කුපිත කරවයි. සුපුරුදු පරිදි, ට්‍රම්ප් අනතුරු අඟවයි. "ඉරානය ලිබියාව නොවේ, එහි පාවා දෙන අය හොයාගන්න අමාරුයි ඉරානය කියන්නේ පර්ෂියානු ජාතිකයන්ගේ පාරදීසයයි," යනුවෙන් සමස්ත ඉරාන ජනතාව කෝපයෙන් ප්‍රතිචාර දැක්වූයේ ය. ඉරාන ජනතාව ගෙන් යම් කොටසක් වත්මන් පාලකයින් කෙරෙහි අතෘප්තිමත් බව සත්‍යයකි. නමුත් මොසාඩ් නියෝජිතයන් සහ ෂා නියෝජිතයන් හැර ඉරානයේ කිසිදු පුරවැසියෙකු ඉරානය එක්සත් ජනපදයට යටත් වීමට හෝ ඊශ්‍රායලය සමඟ සබඳතා පැවැත්වීමට කැමති නොවනු ඇත.
එක්සත් ජනපද ආර්ථික සම්බාධක
අලි කොමේනිගේ වයස අවුරුදු 90 කට ආසන්නය. ඔහු බලයට ඇලී සිටීමට උනන්දු නොවනු ඇත. හේතුව ඔහු දැඩි මුස්ලිම් භක්තියෙකි. එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට යටත් නොවන නව රජයක් පිහිටුවීමට ඔවුන් මාර්ගය සකස් කළ ද, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දරුණු ලෙස අසාර්ථක වනු ඇත. අලි කොමේනිගෙන් පසු කිසිදු ඉරාන නායකයෙකු ඔහුට වඩා පරිණත නොවනු ඇත. ඉරානයේ ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුව එක්සත් ජනපද ආර්ථික සම්බාධක බව නොදන්නා කිසිවෙක් නැත. ඒ සඳහා ඔවුන් ඇමරිකාවේ වහලුන් නොවේ. ඔවුන් පර්සියානුවන් ය. දවසක ඔවුන් බටහිර රටවලටත් එක්සත් ජනපදයට වඩා ලෝකේ අධිරාජ්‍ය බලවත් පාලකයන්වීම පිළිබඳ කිසිම සැකයක් නැත.
-අබ්දුල් සත්තාර්-

