ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000ක් අත්අඩංගුවට

ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000ක් අත්අඩංගුවට

ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් පවසයි.

අල් ජසීරා පුවත් සේවය ඒ බව වාර්තා කළේ, ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සි උපුටා දක්වමින්.

මේ අතර ඉරානයේ විරෝධතාවලින් මියගිය අයගේ සිරුරු නැවත භාර දීමට එරට බළධාරින් විශාල මුදලක් ඉල්ලා සිටින බව පවුල්වල සාමාජිකයින් චෝදනා නගයි.

1846835072විදෙස් මාධ්‍ය වාර්තා කළේ,එක් මළ සිරුරක් සඳහා අමෙරිකානු ඩොලර් 5,000ක් බළධාරින් විසින් අය කරනු ලබන බවයි.

මළ සිරුරු මෘත ශරීරාගාරවල සහ රෝහල්වල තබා ඇති බවත්, ඒවා භාර ගැනීමට ඥාතීන් මුදල් භාර නොදුනහොත් ආරක්ෂක හමුදා ඒවා නිදහස් නොකරන බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

එරට පවතින මහජන විරෝධතා බොහෝ දුරට මර්දනය කර ඇති බවත් එහි දැක්වේ.

ඒ ටෙහෙරාන් අගනුවර හා අනෙකුත් ප්‍රදේශවලට ආරක්ෂක හමුදා වැඩි වශයෙන් අනියුක්ත කිරීමත් සමගයි.

කෙසේ වෙතත් මේ වන විටත් ඉරානයේ අන්තර්ජාල ප්‍රවේශය අවහිර කර තිබේ.

විරෝධතා අඛණ්ඩව දින 21ක කාලයක් ක්‍රියාත්මක වන අතර විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඉන් සැබෑ වශයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව පිලිබඳ වාර්තා කිරීම අසීරු වී ඇති බවයි.

ඒ එරට අන්තර්ජාල සේවා අවහිර කිරීම හේතුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න