අද අලුයම් කාලයේ දී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
බස් හිමියෙකු ට තර්ජනය කර කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පාතාල ක්‍රියාකරුවෙකු ගේ ගෝලයෙක් යැයි පවසන පතිරගේ රංජිත් යන අය ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන්වේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
බහමාස් දූපත් රාජ්‍යයේ පැවති 53වන නිදහස් දිනය උලෙළෙහි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි නියමුවා ඇතුළු 10 දෙනකු මියගොස් තිබේ.
බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණූ දැක්වීමට අද (06) පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට පැමිණියේ ය.
මාතර, එළිය කන්ද ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව, ලබන මැයි මස 22 වැනිදා දක්වා කල්තැබීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට ඒකල බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කළ ආණ්ඩුකාරතුමා හෝ උත්සාහ නොකළ බවත්, හු පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට උත්සාහ නොකළ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වයට සහ ස්වාධීනත්වයට සම්පූර්ණ සැලකිල්ල දැක්වූවා යැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය පුත් හැරී කුමරු, ඔහු ගේ බිරිඳ මේගන් සහ ඔවුන් ගේ දරුවන් දෙදෙනා මුණගැසුණු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය, බානගල උපතිස්ස පිරිවෙන, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිවු මහා විහාරයන් හි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 76වන උපන්දිනය නිමිත්තෙන් හෙට (05) කොළඹදී, ඉන්දියාවේ දී සහ ජපානයේදී ආශිර්වාද පින්කම් මාලාවක් පැවැත්වේ.
බාල එන්නත පිළිබඳව සෙවීම සදහා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති ගත රසායනාගාරයකට නිදර්ශක යැවීම තවමත් ප්‍රමාද කරන්නේ ඇයි දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් විමසයි.
රජය බාල ගල් අඟුරු ගෙන්වා නැති බවත්, බාල ගල් අඟුරු යැයි දෙයක් නැති බවත්, එය විපක්ෂය බලය ලබාගැනිම සඳහා කරන දේශපාලන ප්‍රචාරයක් යැයි ජන බලය සාමූහිකය ක්‍රියාකාරී සාමාජික පී. කේ. ඩී. ප්‍රේමතිලක පැවසී ය.
බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් ජනවාරි මාසයේ පළවෙනි දින සිට ජූනි මාසයේ 30වන දින දක්වා පාඩුව රුපියල් මිලියන 8536ක් බව මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසී ය.
ගල් අගුරු ගැටලුව පිළිබඳ 2026.01.10 පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ ද නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවත්, සාමානයෙන් ගල් අගුරු ගොඩ බාන්නේ වාරකන් නොවන කාලයේ බැවින් මේ කාලයේ ටෙන්ඩර් දැමිය යුතු වුව ද එය අගොස්තු වනතුරු කල් ගියේ ඇයි ද යන්න ගැටලුවක් ඇති බවත්, දේශීය සහ ජාත්‍යන්තර නිර්ණායක අනුව එය දවස් 42ක් තිබිය යුතු වුව ද දවස් 21කට අඩු කර තවත් සතියක් වැඩි කිරීමට හේතුව සහ එය කළ පාර්ශ්වය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය යැයි විපක්ෂ නායකවරයා පැවසීය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පත් කර ඇත.
රෝහලේ දී සිදු කළ මූලික ක්ෂුද්රජීවී පරීක්ෂණයක දී බැක්ටීරියා අන්තර්ගත එන්නත් 270,000ක් රෝහල් පද්ධතියෙන් ඉවත් කර ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධනට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම තොරතුර වාර්තා වී ඇත්තේ මෑතක දී කොළඹ නගරයේ පැවති අවමංගල අවස්ථාවකදී ඇති වූ සාකච්ඡාවක් අතරතුර වන අතර අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි.
වජිර අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ද අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බවත් ප්‍රශ්න කිරීම්වලදී තමන් බැංකු ගිණුමක් නොමැති බව පැවසූ විට නිලධාරීන් පුදුමයට පත් වූ බවත් ය.
එම නිලධාරීන් තමන්ගෙන් ඊට හේතුව විමසූ විට, “මට ගැටලුවක් නැතිනම් ඔබලා ඵය ගැටලුවක් කර නොගත යුතුයි” යනුවෙන් තමන් පිළිතුරු දුන් බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
වජිර අබේවර්ධන මහතාගේ මෙම කතාවට අවට සිටි බොහෝ දෙනකු සිනාසෙමින් “ඇත්තටම වජිර මන්ත්‍රීතුමාට බැංකු ගිණුමක් නැද්ද?” යනුවෙන් එහි සිටි කිහිප දෙනෙක්ම විමසා ඇත.
එයට පිළිතුර වී ඇත්තේ “ඇත්තටම නෑ” යන්නයි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් ව්‍යාජ සමාගම් හරහා බැංකුවල තැන්පත් කර විදේශ රටවලට ප්‍රේෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනා 17දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන බැටන්පොලු (රබර්) තුන්දාහක පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි පොලිස් සැපැයුම් අංශයේ ප්‍රකාශකයෙක් කීය.
වසර කිහිපයකින් මෙම බැටන් පොලු ගෙනැවිත් නැත.
(නෝමන් පලිහවඩන - divaina)
මෙගාවොට් 160ක/ මෙගාවොට් පැය 640ක බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට අදාළ ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

