වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල මෙන්ම ප්‍රාථමික සත්කාර ඒකක වල හදිසි ප්‍රතිකාර සේවාවන්හි නිරත කාර්ය මණ්ඩල සඳහා හදිසි සත්කාර සේවා පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් ඊයේ (22) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අත්අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම, විමර්ෂණයක් පවත්වා අවසන් වන තෙක් සිරභාරයේ තබා ගැනීම දඬුවමක් නොවන්නේ ය යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.
සමාජ පරමාදර්ශ පිටුපස වසර ගණනාවක් ගිය පසු, එසේත් නොවේ නම් ලෞකිකත්වයේ ජයග්‍රහණය ලබාගත් පසු විඩාවක් දැනෙන බැවින් එම විඩාව නිවා ගැනීම සඳහා ආගම අවශ්‍ය වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පුද්ගලයින් කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා මුදල් ලබාගෙන පුද්ගලයින් 34 දෙනකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) පැවසුවා.
නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයින් පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු දෙදෙනෙක් ලබන (01) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකළපුව වැඩබලන මහේස්ත්‍රාත් මධුජලා කේතීස්වරන් අද (18) නියෝග කළා ය.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ඉහළ නැංවූ පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප, අදාළ ආයතනවල සේවක සේවිකාවන්ට මෙතෙක් නොගෙවා ඇති ආයතන පිළිබඳ වහාම සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසී ය.
අන්තර් පළාත් පුද්ගලික බස් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ වල තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් පසුගියදා (03) පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පරිශ්‍රයේදී සිදු කළේ ය.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි සැක කරන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාලව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනා ලබන 3 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කළේ ය.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
දැනට ඇති විදුලි ජනන සැලැස්ම අනුව පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමට අපේක්ෂිත විදුලි ධාරිතාවය සියයට 70ක් වුවත් ඉදිරියේ දී එම සැලසුම් වෙනස්කරමින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමට හැකිවන පරිදි එම සැලසුම් සකස්කරන බව බලශක්ති අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම අනුව 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ සැලසුම් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ප්‍රකාශිත ය.
වගකිවයුතු විපක්ෂයක් ලෙස, රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඉටු කරන බවත්, තම පක්ෂය දිගින් දිගට ම මේ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර යැයි කියද්දී පවා 10වන නැවේ ගල්අඟුරු ද ප්‍රමිතියෙන් තොර බවට අද අනාවරණය වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කිසියම් දේශපාලන කණ්ඩායමක් බලයට පත් කිරීම නමැති කරුණ සඳහා පුරවැසියන් තමන්ගේ භූමිකාව සීමා කරගෙන ඇතැයි කෘතහස්ත සාහිත්‍ය පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අද (03) අභවප්‍රප්ත විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනේ රාජ්‍ය සේවක සුවතාවය උදෙසා පවත්වනු ලැබූ තවත් එක් ජංගම සෞඛ්‍ය සායනයක් මෙරට පැරණිතම සහ විශාලතම පුවත්පත් ප්‍රකාශන ආයතනය වන ලේක්හවුස් (Lake House - Associated Newspapers of Ceylon Limited) ආයතනයේ දී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන ඇතුළු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් අද (15) පැවැත්විණි.
ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම වැඩි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ්‍ය බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සිදු කරන නමුත්, සංචිත ඉහළ නංවා ගැනීමට හෝ ණය බර අඩු කරගැනීමට රජයට නොහැකි වීම ආර්ථික අර්බුදයක් ලෙස එළිදකිමින් ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
සම්මානනීය ගීත රචක සහ ලේඛක හිමි නමක වන පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.
පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේ ය.
බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව කුමන ආකාරයකින් හෝ ජනතාව ගෙන් අය කරගැනීමට එරෙහිව නඩු පැවරූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන මහ සමුලුව, 'පන්තියට බලය-බලයට පක්ෂය' යන තේමාවෙන් අද (01) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

