බ්‍රවුන්ස්හිල් ඉඩම් නඩුවට බැසිල් අදත් නෑ! ප්ලේන්වලට නග්ගගන්නේ නෑලු!

බ්‍රවුන්ස්හිල් ඉඩම් නඩුවට බැසිල් අදත් නෑ! ප්ලේන්වලට නග්ගගන්නේ නෑලු!

මාතර, එළිය කන්ද ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව, ලබන මැයි මස 22 වැනිදා දක්වා කල්තැබීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළේය.

බැසිල් රාජපක්ෂ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින අතර අද දින අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූයේ, බැසිල් රාජපක්ෂගේ රෝගී තත්ත්වය හේතුවෙන් එමිරේට්ස් ගුවන් සේවය සහ සිංගප්පූරු ගුවන් සේවය ඔහු මෙරටට රැගෙන යාමට නොහැකි බවට සහතිකයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, රාජපක්ෂ සිය රෝගී තත්ත්වයෙන් සුවය ලැබීමෙන් පසු අධිකරණය හමුවේ පෙනී සිටින බවට නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.

වරෙන්තු රහිතව නඩුව ලබන අවුරුද්දේ මැයිවලට කල්යයි!

නැඟෙනහිර ගුවන් සේවා ආයතනවල මෙම තත්ත්වය සැලකිල්ලට ගත් මාතර මහේස්ත්‍රාත්වරයා, බැසිල් රාජපක්ෂට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමකින් තොරව නඩුව ලබන මැයි 22 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම පෙනී සිටි අතර, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න