Image

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය වසර හතරකට පසු හැරී මේගන් යුවළ හමු වෙති

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය වසර හතරකට පසු හැරී මේගන් යුවළ හමු වෙති

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය පුත් හැරී කුමරු, ඔහු ගේ බිරිඳ මේගන් සහ ඔවුන් ගේ දරුවන් දෙදෙනා මුණගැසුණු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන අන්දමට මෙම සුවිශේෂී හමුවීම සඳහා හැරී කුමරු ගේ පවුලේ අය බ්‍රිතාන්‍ය බලා පැමිණ ඇත්තේ යුරෝපයේ මෙතෙක් අනාවරණය නොකළ ස්ථානයක සිට යි.

හැරී කුමරු පසුගිය සඳුදා බ්‍රිතාන්‍යයට පැමිණ ඇත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද, තුවාල ලැබූ රණවිරුවන් වෙනුවෙන් පවත්වන ‘ඉන්වික්ටස් ගේම්ස්’ ක්‍රීඩා උළෙලේ තවත් වසරක නිල ගණන් බැලීම සලකුණු කිරීමේ පුණ්‍ය කටයුත්තට සහභාගී වීම සඳහා ය.

මේගන් මර්කල් මුලින් සැලසුම් කර තිබුණේ ඔවුන්ගේ හත් හැවිරිදි පුත් ආචි සහ පස් හැවිරිදි දියණිය ලිලිබෙට් මෙම සංචාරයට එක්කර නොගැනිමට ය. ඒ, බ්‍රිතාන්‍යය තුළ ඔවුන්ට නිල පොලිස් ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප වී තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත්, පසුව ඔවුන් ද හැරී කුමරු සමග එක්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න