ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොෂාන් ගුණවර්ධන, එහි මූලස්ථානයේ සේවය කරන තරුණ නිලධාරිනියකට බලහත්කරයෙන් ලිංගික අතවර කිරීමට කටයුතු කර ඇත. ඉන් අගතියට පත් තරුණ නිලධාරිනිය මෙම සිදුවීම පිළිබඳ බැඩ්මින්ටන් සංගමයේ බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ව ද ලිඛිතව දැනුවත් කර ඇත.
මහා බැංකු බැඳුම්කර වංචාව වූ කාල වකවානුවේ මහා බැංකුව පැවතියේ රනිල් වික්‍රමසිංහ යටතේ බවත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු පැවතියේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සතුව බවත්, එම කාලවකවානුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කලද ඉහත ආයතන කිසිවක් තමා සතුව නොතිබූ බව රවී කරුණානායක මහතා අද පර්ලිමෙන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
හොරා ගෙට පැනගත් පසු සිසීටීවී අක්‍රිය කර පළක් නැතැයි පර්යේෂණ විශ්ලේෂිකා ශලෝමි ලියනගේ පැවසුවා ය.
මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර කොල්ලය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි පාඩුවක් රටට සිදු කළ මහා පරිමාණ ගල් අඟුරු වංචාවේ තොරතුරු පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද (08) සිය කතාව සිදු කළා. රජය විසින් සිදු කරනු ලබන මෙම මහා පරිමාණ දූෂණය හුදෙක් චෝදනාවක් නොව විගණකාධිපති වාර්තා මගින් තහවුරු වූ කරුණක් බව සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ය.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න, කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
අද (21) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක වරෙන්තු නිකුත් කරයි.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ යන අයගේ උපදෙස් මත ඌව පළාත් සභා මැතිවරණය සඳහා රජයේ මුදල් භාවිතා කරමින් ටී ෂර්ට් මුද්‍රණය කළ සිද්ධියට අදාළව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමණාකරණ අධ්‍යක්ෂ රූහි ජවුෆර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද (03) රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
ඊළාමයේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..!
ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටු සහ ගංවතුර ආපදා තත්වයට යටතේ ශ්‍රී ලංකාව පුරා බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් මරණයට පත් වී ඇති බවත්, එනිසා බිත්තර මිළ දැනටමත් ඉහල ගොස් ඇති බවත්, මෙම පසුබිම යටතේ රට පුරා බිත්තර හිගයක් නිර්මාණය විය හැකි නිසා රජයට මේ ගැන අවධානය යොමු කරවීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන 12/04 දින උදෑසන පැවසීය .
ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුව ද බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
වත්මන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කර, සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් නව නීතියක් සම්පාදනය කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද අහෝසිකිරීමේ පනත් කෙටුම්පත’ (Online Safety repeal Bill) දෙවන වර කියවීම අද පස්වරු 5:11 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීණි. එම යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරපත් කරන ලද්දේ සභානායක බිමල් රත්නායක විසිනි.
අප රටේ: පළාත්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම් හා උප ප්‍රාදේශීය ලේකම් ක්ෂේත්‍ර පරිපාලන ක්ෂේත්‍ර විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන බවත් පළාත් 9ම දිස්ත්‍රික් 25ම රාජ්‍ය ප්‍රතිපත්තිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන මේ පරිපාලන ව්‍යූහය මාලිමවේ දේශපාලනීකරණට සහ පක්ෂ දේශපාලන අණසක ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමට රජය කටයුතු කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කෝටි හතරක වටිනාකමකින් යුත් මැණික් ගලක් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලනික ක්‍රියාකාරිනියක ඇතුළු තවත් සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද (18) නියෝග කළේ ය.
බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා, වළදා තිබූ නීතියකට, අක්‍රීය වී තිබූ පාර්ලිමේන්තු ව්‍යාවහාරයකට නැවත පණ දීමට දරණ උත්සාහය ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති හිමිකම් අභියෝගයට ලක් කිරීමක් යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය පැවැත්වූ රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන බී.බී.සී. සිංහල සේවයේ සංස්කාරකවරිය හා මාධ්‍යවේදීන් කිහිපදෙනකු ජූලි 23 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තාවේ.
බීර නිෂ්පාදනයට ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම විරෝධතා සඳහා ඔක්තෝබර් මස 02වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර දැන දැනම රිය පදවා අනතුරක් සිදුකළහොත් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී.ජේ. සේනාධීර පැවසීය.
1948 පමණ වන තුරු කිසියම් බුද්ධිමය බැම්මකින් බෞද්ධ ශාසනය ආරක්ෂා වී තිබුණ ද මේ වන විට: ධනවාදය, වෙළඳපොළ ආක්‍රමණය සහ සමාජ මාධ්‍යය යනාදිය හේතුවෙන් ශාසනය පිරිහි ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
2026 පෙබරවාරී 25වන දා පළ කළ ලිපියකි.
2026 පෙබරවාරි 25 වන දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා තිබූ වගවීම සඳහා වූ ගවේෂණයේ ප්‍රභල වෙනසක් නියෝජනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

