බාල ගල් අඟුරු නිසා සිදුවන පාඩුව දරන්න වෙන්නෙ විදුලි පාරිභෝගිකයාට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බාල ගල් අඟුරු නිසා සිදුවන පාඩුව දරන්න වෙන්නෙ විදුලි පාරිභෝගිකයාට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගල් අගුරු ගැටලුව පිළිබඳ 2026.01.10 පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ ද නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවත්, සාමානයෙන් ගල් අගුරු ගොඩ බාන්නේ වාරකන් නොවන කාලයේ බැවින් මේ කාලයේ ටෙන්ඩර් දැමිය යුතු වුව ද එය අගොස්තු වනතුරු කල් ගියේ ඇයි ද යන්න ගැටලුවක් ඇති බවත්, දේශීය සහ ජාත්‍යන්තර නිර්ණායක අනුව එය දවස් 42ක් තිබිය යුතු වුව ද දවස් 21කට අඩු කර තවත් සතියක් වැඩි කිරීමට හේතුව සහ එය කළ පාර්ශ්වය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මෙම විමසීම කළේ අද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගේ සභාපතීත්වයෙන් යුත් යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

පළමු නැවේ ආ ගල්අඟුරු Fail

''ලංකා Coal Company එක මිලදී ගැනීම හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළත් පසුව එය වෙනස් කළ පාර්ශ්වයන්, පිරිවිතර වෙන් කරන Standard එක වන්නේ මෙට්‍රික් ටොන් මිලියන එකක් ගෙන්වන්න වසර තුනක අත්දැකීමක් තිබිය යුතු යි. 5900-6150 දක්වා Specification එකක් තිබුණත් මේ මිලියන එක, ලක්ෂය දක්වා අඩු කළ ක්‍රමයට හේතු වූ කරුණු මෙන්ම අළු ප්‍රතිශතය 11-16% අතර තිබිය යුතු වුවත් මෙය 21% දක්වා වීමට හේතු දැන ගැනීමට අවශ්‍ය යි. ගල් අඟුරු නැව්වලින් Direct Feed කරන එක රුසියානු ගල් අඟුරුවලට ක්‍රියාත්මක වූයේ ද යන්නත් දකුණු අප්‍රිකානු ගල් අගුරු කොපමණ ප්‍රමාණයක් ගොඩ බෑවේ ද යන්නත් දැනට Direct feed ක්‍රියාවලිය හරහා නැව් කීයක ගල් අඟුරු දහනය කළේ ද කියා දැන ගැනීමට ද අවශ්‍ය යි. එක් ජනන යන්ත්‍රයකින් මෙගාවෙට් 300 නිපදවන්න හැකි නිසා මෙවර දකුණු අප්‍රිකාවෙන් ලබා ගත් ගල් අඟුරුවලින් කොපමණ විදුලිය නිපදවා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. එසේ ම වාර්තා අනුව පළමු නැවේ ආ ගල් අඟුරු Fail නිසා ඉන් නිපදවු විදුලි ප්‍රමාණය මෙන්ම තුන්වෙනි නැව පාස් වුවත් ඉන් නිපදවු විදුලි ප්‍රමාණය අවම යැයි වාර්තා වන නිසා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ඉල්ලා සිටිනවා.

දඩ මුදල පාඩුවට වඩා අවම යි

හදිසි ප්‍රසම්පාදනයක් ගැන කිව්වත් ගහන දඩයෙන් සිදුවන පාඩුව 2,3, 4 Shipment වලින් කවර් වෙනවාද කියා ප්‍රශ්න තිබෙනවා. දෙවන shipment එකේ පාඩුව මිලියන 288.5ක් වුවත් නැවත ලබා ගත හැක්කේ 135.1යි. තුන්වෙනි shipment එකේ පාඩුව බිලියනය ඉක්මවුවත් නැවත ලබා ගත හැක්කේ මිලියන 150ක් වන අතර හතරවන Shipment එකේ පාඩුව මිලියන 865ක් වුවත්, ලබාගත හැකිවන්නේ මි. 107ක් නිසා මේවායේ ගැටලු රැසක් පවතිනවා.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව මේ නැව් ගණනාවක ම ඇත්තේ බාල ගල් අඟුරු බැවින් මෙහි පිරිවැය යන්නේ විදුලි පාරිභෝගිකයන්ට. මේ පාඩුව සිදුවන්නේ බාල ගල්අඟුරු නිසා. මෙය 2014 බාල ගල් අඟුරු සිදු වීමෙන් පසු සිදුවු එකම බාල ගල් අගුරු සිදුවීම. ගල් අඟුරු බාල වීම නිසා වැඩිපුර වෙනදා භාවිත කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීමෙන් වාසි වන්නේ සැපයුම්කරුවාට යි. මේ සියලු දත්ත අපේ බලාගාරවලින් ලැබු දත්ත.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න