මේ රටේ පාලකයෝ ජනතාවගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය අහෝසි කිරීමට උත්සාහ ගත් හැම මොහොතක ම තම පක්ෂය ඊට විරුද්ධව සිටි බවත්, හෙටත් තම පක්ෂය ජනතාව සමග සිටින බැවින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු නොනිදන පක්ෂයක් ලෙස ජනතාව අතර තහවුරු වී අවසන් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
දේශයේ මුරදේවතාවෙකු ලෙස මවුබිම වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගය කළ 7 වන සිංහ රෙජිමේන්තුවට අයත් පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් අනුර ඒ.එම් විරුවාණන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා එම නිවස වෙත පැමිණියේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ජාත්‍යන්තර දමිළ විද්‍යා (Tamilology) පර්යේෂණ සම්මේලනය විශ්වවිද්‍යාලීය ශ්රාස්ත්ර පීඨයේදී අද (11) ආරම්භ විය.
මහා ජල කඳින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය යට වුණු අවස්ථාවේ දී ගංවතුරට කොටු වුණු පශු වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනකු ගේ දිවි බේරා ගැනීමට ඉදිරිපත් වූ පේරාදෙණිය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා නැවත සේවයේ පිහිටුවීම හා ඔහුට රුපියල් ලක්ෂ 56ක මුදලක් ගෙවීම නීති විරෝධී බව කෝප් කමිටුවේදී හෙළි වෙයි; එන්.කේ.සූරියබණ්ඩාර නමැති මෙම පුද්ගලයාට යන එන මං නැති වන බව මේ වන විට තහවුරු වී තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක් පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්රයක පිහිටුවා නව්‍යකරණය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්රයක ස්ථාපනය කළ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ගේ සහභාගීත්වයෙන් අද (14) සිදුවිය .
අද ලංකාවේ සමාජ මාධ්‍ය හෝ ශාස්ත්‍රීය සංවාද දිහා බලද්දී ඔබටත් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා ද?
සිංහල පමණක් නොව දෙමළ, ඉංග්‍රීසි යනාදි භාෂා ත්‍රිත්වයෙන් ම විවිධ විෂයවලට අයත් විශාල පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ ගොඩගේ ප්‍රකාශන අයතනයෙහි අධිපති සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වී තිබේ.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.
2026 - පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ජූලි 23 දින සිට එක්සත් රාජධානියේ දී ආරම්භ වීමට නියමිත ය. ඒ සදහා ජිම්නාස්ටික් ඉසව් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ අමායා සිතුමිණි සහභාගී වන්නී ය.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සිය ගැටලු සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත ඉදිරිපත් කර ඇති නමුත් විසදුම් ලැබී නැති බවත් මෙවර අයවැයෙන් රු. බිලියන 654ක් වෙන් කරත් ආයුර්වේද වෛද්‍යවරුන් සහ එම ක්ෂේත්රය වෙනුවෙන් වෙන් කර ඇත්තේ බිලියන 6ක් 0.96% බවත් මෙය 5% දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබේ.
රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිසියෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සදහා දඩ මුදල් Gov Pay හරහා ගෙවීමේ පහසුකම අද (20) සිට දකුණු පළාතේ ආරම්භ කළ බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් කටයුතු පිළිබද කාර්ය සාධක බළකායේ සභාපති හර්ෂ පුරසිංහ පැවැසීය.
පොලිස් නිලධාරීන්ට මාසයකට දින තුනක නිවාඩුවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
උඩුගම්පොලදී පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොල්ලු පිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු බව හඟවමින් චීන ජාතිකයකු පරීක්ෂා කිරීමට ගොස් ඔහු ගේ වාහනයේ තිබූ කෝටි දෙකක් පැහැරගෙන ගිය පුද්ගලයා දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) කොල්ලපිටිය පොලිසියට අවසර ලබා දී ඇත.
දේශපාලනඥයින් දෙන ලණු නොකන ලෙසත්, මීට පෙර ඔය ආකාරයට ම පක්ෂවලට කඩේ ගිය පොලිස්පතිවරුන්ට සිදුව ඇති දේ පිළිබඳ හිතලා බලන්නැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අම්බුළුවාව ජ්යෛ විවිධත්ව සංකීර්ණයේ කළමනාකරු සහ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක යැයි කියන එම් එෆ් භාකීර් නම් පුද්ගලයකු විසින් ගම්පොළ පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිනෙන්නැයි ගම්පොළ පොලිසිය ජනමාධ්යවෙදී තරිඳු ජයවර්ධනයට දන්වා එවා තිබේ.
තහවුරු නොකරන ලද විර්මශන තත්ත්වයේ පවතින සහ අධිකරණ වල විභාග වන නඩු කටයුතු වලට අදාළ වන ඡායාරූප හා වීඩියෝ දර්ශන විද්‍යුත් මුදිත මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධව පොලිසිය විසින් 'අවවාදාත්මක නිවේදනයක්' නිකුත්කර ඇත.
පොලිස් නිලධරයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ පොලිස්පති වෙත ලිපි ඉදිරිපත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

