2007 වර්ෂය මෙරට සාහිත්‍ය සම්මාන වංශ කතාවට නවමු පරිච්ඡේදයක් එක් කළ වසරකි. ඒ, අද වනවිට මෙරට ජාතික මට්ටමේ ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මානයක් වන 'ස්වර්ණ පුස්තක සම්මානය' පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වර්ෂය වන බැවිනි.
පාස්කු ප්‍රහාරයට පෙර වව්නතිව්හි දී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොමග යැවීම සදහා කුමන්ත්‍රණය කළ බවට සැක පිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මඩකළපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා ලබන 20 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.
නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගයේ වත්මන් තත්ත්වය සහ ඩෙංගු රෝගය පාලනය සහ මර්දනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සමාලෝචන රැස්වීමක් මඩකළපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
බරපතළ සමාජ ව්‍යසනයකට හේතු වී ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සහය ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ පවසයි.
ඊයේ මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ සිදු කර පරික්ෂාවක දී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි රියදුරන් සහ කොන්දොස්තතරවරුන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කළේ ය.
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයෙ මෙහෙයවීම මත විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය රැස් කර ප්රතිචක්රීයකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අඩිතාලම දමා ඇති වත්මන් යුගයට ශක්තියක් වෙමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය නැගෙනහිර මඩකලපුව පාසල් දූ දරුවන්ට ජාතීන් අතර සමගියේ වැදගත්කම කියාදීමේ නව වැඩපිළිවෙලක් අරඹයි.
මහනුවර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් සහ නායයාම් නිසා මාර්ග වලට පස්කඳු ගල් පර්වත සහ ගස් කඩා වැටීම් හේතුවෙන් , මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පාසැල් 109 ක් , විවෘත කිරීමේ අපහසුතාවයක් මතුව තිබෙන බව මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානී පියසේන පැවසුවාය.
සර්වජන බලය විධායක කමිටු සභික සහ සර්වජනබලය ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරු සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධූර විතානගේ පත් කර තිබේ.
ඉන්දියාවේ බැංගලෝරයේදී අලුත විවාහ වූ යුවළක් ශ්‍රී ලංකාවේ සිය මධුසමය අතරමග නවතා දැමීමෙන් පසු, කිලෝමීටර් දහසක් දුරින් පිහිටි ස්ථාන දෙකකදී සියදිවි නසාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක බඳු කලාකරුවන් ගේ නිර්මාණ ඒ සත්‍යය වටහා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දී ඇත.
දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇප මත මුදාහැර සිටින හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.
ආපදාවක් ගෙන බලන විට ආපදාවට පෙර, ආපදාව තුළ සහ ඉන් පසු සිදුවන අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලිය යන අංශ තුළින් මේ ආපදා කළමනාකරණය ගැන කතා කළ යුතු බවත් මේ අවස්ථාවේ තමා ඉදිරිපත් කරන කරුණු කාරණා ධනාත්මකව බාර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
තමන් ඕනෑම මොහොතක ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දෙන්නට සූදානම් බවත්, තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

