මෙගාවොට් 160ක/ මෙගාවොට් පැය 640ක බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට අදාළ ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සඳහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව රටපුරා විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි බලශක්ති ගබඩා කරන පද්ධති (සමස්ත වශයෙන් මෙගාවොට් 160/ මෙගාවොට් පැය 640ක) ස්ථාපනය කිරීම සදහා නව රජය විසින් දියත් කළ වැඩපිළිවෙළට අනුව පසුගිය 2025-07-30 දින ටෙන්ඩර් පත් කැඳවන ලද අතර ටෙන්ඩර් විවෘත කිරීමේ දිනය 2025-09-16 විය. පසුව ටෙන්ඩර් කාලය 2025-10-14 දක්වා දිගුකර ඇති අතර ග්‍රිඩ් උපපොළවල් 16ක් සඳහා ටෙන්ඩර් 153ක් තරම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණි. ඒ අනුව එක් එක් ග්‍රිඩ් උපපොළකට අදාළ වන පරිදි තාක්ෂණික සහ අනෙකුත් පිරිවිතර සලකා බලා ස්වාධීන ටෙන්ඩර් කමිටු විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශවලට අනුව මෙම කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
Build Own and Operate හෙවත් ඉදිකර හිමිකරගෙන හා ක්‍රියාත්මක කිරීම යන ක්‍රමවේදය යටතේ 2025-04-28 දින කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී ගත් තීරණයකට අනුව අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සම්පූර් කිරීමෙන පසු ඊයේ (2026-01-02) දින මෙම අනුමැතිය දී ඇත.
ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

