2026 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක ධන අගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්. ඩී. කරුණාරත්න මහත්මිය පැවසුවා ය.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වයට පත් වූ ආකාරය සහ 2026 මැයි මස මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නිකුත් කරනු ලැබ ඇත.
ජනවාරි 03 සෙනසුරාදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
2026 වසරට අදාළ ලෝක මහද්වීපික (Continental Tour ) තරගාවලි Gold Level කාණ්ඩයේ 2026 වසරට අදාළ තරග දින මේ වන විට ප්‍රසිද්ධ කර අවසන්ය . මෙම වසරේ තරගාවලි දෙකක් සඳහා දැනට: කාලිංග කුමාරගේ, රුමේශ් තරංග සහ ප්‍රදීප් සෝමසිරි සහබාගී වීමට නියමිත ය. ඕස්ට්‍රේලියාවේ 🇦🇺 මෙල්බන් නුවර දී මාර්තු මස 27 සහ 28 දිනවල Maurie Plant Meet තරගය මෙම වසරේ පළමු ලෝක මහද්වීපික Gold Level කාණ්ඩයේ තරගය යි. මෙම තරගාවලිය සඳහා කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්ව සහ ප්‍රදීප් සෝමසිරි (පැරා අංශයේ T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කරයි .
එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
ත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතැයි කියන දේශපාලන ගනුදෙනු පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් සිදුකර ඇත.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වන දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය සහභාගී නොවන බව පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ.
දැනට ආරම්භ කර ඇති 06 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කොට මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ බවත් එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තෙ වික්ෂයේ බලපෑම මත නොව එහි දැවැන්ත අඩුපාඩු රාශියක් පවතින බැවින් වන අතර ඊට හේතුව කුමක්දැයි දැනගැනිමට නම් ජනාධිපතිවරයා ඔහු ගේ face book ගිණුමෙහි තැබූ සටහන බලන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.
වසර පනහකට පෙර සිට කරළියට ආ කෘතිම බුද්ධිය (Artificial Intelligence -AI) පසුගිය වසර කිහිපය තුළ සාමාන්‍ය ජනතාව අතර භාවිතයට එක්වී තිබේ.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
මෙරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්, BBC ආයතනයේ සේවය කළ හිටපු මාධ්‍යවේදී අසාම් අමීන් හට රුපියල් මිලියන 7කට ආසන්න සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ අධිභාර මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.
නාගරික සහ අර්ධ නාගරික තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමේ ප්‍රමුඛයෙක් වන Blue Ocean සමාගම් සමූහය සිය අභිමානවත් දස වසරක සේවාව සාඩම්බරයෙන් සමරයි.
Blue Ocean සමූහය දශකයකට අධික කාලයක් තම සාර්ථකත්වය විදහා දක්වමින් සුඛෝපභෝගී සහ නාගරික තදාසන්න තම සේවාදායකයන් සඳහා ඔවුන් වෙන් කරගත් මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි.
ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් වාහන 115,000කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම, පිරිවැය අවම කිරීමට සමාගම දක්වන සැලකිල්ල මත ගුණාත්මකභාවය අඩුවීම ඉහළ දැමීමට බල කෙරී ඇතැයි Reuters, BloomBerg ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව, දෙමුහුන් (Hybrid) සහ විද්‍යුත් (Pure-Electric) මාදිලි දෙකම ඉලක්ක කර ගනිමින් මෙම වෙනම කැඳවීම් දෙක සිදුකරන බව එම නියාමන ආයතනය සිකුරාදා (ඔක්තෝබර් 17, 2025) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
වාහන නැවත කැඳවීම් සුලභ වුවද, මෙම දෝෂ මූලික ධාවන පද්ධති සහ බැටරි උපාංගවලට සම්බන්ධ වීම විශේෂිතය. මේ වසරේ BYD හි ප්‍රධාන ප්‍රතිවාදියා වන Xiaomi සමාගමේ මෝටර් රථ සම්බන්ධ මාරාන්තික අනතුරු දෙකකින් EV ආරක්ෂාව පිළිබඳව චීන පාරිභෝගික කනස්සල්ල ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම දෝෂ තත්ත්වය එම කනස්සල්ල තවදුරටත් වර්ධනය කළ හැකිය.
2015 මාර්තු සහ 2017 ජූලි අතර නිෂ්පාදනය කරන ලද ප්‍රමුඛතම දෙමුහුන් ටැං (Tang) මාලාවේ පැරණි මාදිලියේ ඒකක 44,000ක් පමණ පලමු කැදවීමට ඇතුළත් වේ. උපාංග සැලසුමක සහ ධාවන මෝටර් පාලකයේ (drive motor controller) ඇති දෝෂ හේතුවෙන් පරිපථ පුවරුව දැවී යාමට හෝ, දරුණු අවස්ථාවලදී, බලය අහිමි වීමට පවා ඉඩ ඇත.
2021 පෙබරවාරි සහ 2022 අගෝස්තු අතර නිෂ්පාදනය කරන ලද විද්‍යුත් යුවාන් ප්‍රෝ (Yuan Pro) ක්‍රොස්ඕවර් රථ 70,000ක් පමණ ආපසු කැදවීමට අයත් වේ. බැටරියේ ජල ආරක්ෂිත සැලසුමේ ඇති දෝෂයක් හේතුවෙන් බල නිමැවුම අඩු වීමට ඉඩ ඇත. BYD සමාගම මෙම ගැටලුව සඳහා බැටරි ආවරණයට සීලන්ට් ආලේප කිරීමට සැලසුම් කර ඇත.
BYD සමාගම දේශීය, මිල-තරඟකාරී සමාගමක් ලෙස පැවති ප්‍රතිරූපය ඉවත් කර ගෝලීය සන්නාමයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරවාරයේ, චීනයේ මෝටර් රථ මිල යුද්ධය හේතුවෙන් දේශීය වෙළඳපලෙහි එහි ආධිපත්‍යය අඩු වී ඇත.
මෙම EV දැවැන්තයා, සැප්තැම්බර් මාසයේදී මාස 18කට පසු සිය පළමු මාසික විකුණුම් අඩුවීම වාර්තා කළ අතර, එම කාලය තුළ චීනයේ වැඩිම අලෙවියක් සහිත සන්නාමය ලෙස පැවති තත්ත්වයද අහිමි කර ගත්තේය. එමෙන්ම, වෙළඳපල තුළ පවතින දුෂ්කර තත්ත්වයන් හේතුවෙන්, සමාගමට 2025 වසර සඳහා වූ සිය විකුණුම් ඉලක්කය ඒකක මිලියන 5.5 සිට මිලියන 4.6 දක්වා අඩු කිරීමට ද සිදුවිය.
ඉතිහාසයේ පළමු වතාවට South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට DC Group ආයතනය සමත් වී ඇත.
2025 ජනවාරි මස ආරම්භ කළ Clean Sri Lanka ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සුදු අලියෙක් බවත්, එම ව්‍යාපාතිය වෙනුවෙන් මකට අවම වැය කරන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන CloudFlare හි ඇති වූ ප්‍රධාන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වූ වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

