Image

‘හමාර බණවර’ සහ ‘සරසවි ප්‍රේමය’ ගීත දෙකසම්බන්ධයෙන් රවි රොයිස්ටර්ටට වාරණයක්

‘හමාර බණවර’ සහ ‘සරසවි ප්‍රේමය’ ගීත දෙකසම්බන්ධයෙන් රවි රොයිස්ටර්ටට වාරණයක්

ප්‍රකට ‘හමාර බණවර’ සහ ‘සරසවි ප්‍රේමය’ යන ගීත ද්විත්වය පැමිණිලිකාරිය ගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව විකෘති කිරීම, වෙනස් කිරීම හෝ වෙනත් නිර්මාණ සඳහා යොදාගැනීම වළක්වමින් සංගීතවේදී රවි රොයිස්ටර්ට එරෙහිව වාණිජ මහාධිකරණය මගින් අද (23) දින වාරණ ආඥාවන් නිකුත් කර තිබෙනවා.

රවි රොයිස්ටර්ට එරෙහිවමෙම නඩුව ගොනු කර තිබුණේ එම ගීත ද්විත්වයෙහි ගී පද රචකාව වන ඉරේෂා හේමමාලි ය. නිකුත් කරන ලද වාරණ ආඥාවට අනුව, පැමිණිලිකාරිය ගේ පැහැදිලි ලිඛිත අනුමැතියකින් තොරව ගීතවල වචන හෝ පද ඛණ්ඩ වෙනස් කිරීම, නැවත සංස්කරණය, විපර්යාස, අනුවර්තනය, පරිවර්තනය හෝ විකෘති කිරීම, පදමාලාවේ වෙනස්කම් නිර්මාණය කිරීම, නැවත නිර්මාණය කිරීම, නැවත ව්‍යුහගත කිරීම හෝ නැවත සංගීත සංයෝජනය කිරීම යන ක්‍රියා සිදු කිරීමෙන් විත්තිකරු වළක්වා ඇත.

එමෙන්ම, පද ඛණ්ඩ හෝ සංගීත සංයෝජන ආදේශ කිරීම, ඉවත් කිරීම හෝ එකතු කිරීම මගින් ව්‍යුත්පන්න නිර්මාණ (derivative works), රීමේක්ස් (remixes), මෙඩ්ලි (medleys), මැෂප් (mashups) හෝ කවර් ගීත (cover songs) නිෂ්පාදනය කිරීම, පටිගත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම ද පැමිණිලිකාරිය ගේ පූර්ව ලිඛිත පැහැදිලි අනුමැතියකින් තොරව සිදුකිරීම වළක්වා ඇත.

පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ අමිත් ලියනගේ ගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරු විසින් මෙම ගීත සම්බන්ධයෙන් ගී පද රචිකාවට හිමිවිය යුතු කතෘ භාග ගෙවීම පැහැර හැර ඇති බවයි. තව ද විත්තිකරු එකී ගීත භාවිත කරමින් තනිව අධික ආදායමක් උපයමින් සිටින බව ද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

ඉදිරි කරුණු සලකා බැලීම සඳහා ගරු අධිකරණය විසින් මෙම නඩුව නැවත 2026 අගෝස්තු 06 වන දින කැඳවීමට නියම කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න