‘දිට්වා සුළි කුණාටුවේ අත්දැකීම්’ පිළිබඳව සාකච්ඡා මාලාවක්

‘දිට්වා සුළි කුණාටුවේ අත්දැකීම්’ පිළිබඳව සාකච්ඡා මාලාවක්

ආපදා ප්‍රතිචාර සහ කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, විද්වතුන් සහ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් ‘දිට්වා සුළි කුණාටුවේ අත්දැකීම්’ පිළිබඳව සාකච්ඡා මාලාවක් රයිට්ස් නව් සාමූහිකය විසින් සංවිධානය කර ඇත.

‘සමබිම’ සාකච්ඡා මණ්ඩප නමින් හැඳින්වෙන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න ‘ආපදා ප්‍රතිචාරය සහ යළි ගොඩනැගීමේ දී රජයේ ආපදා කළමනාකරණ ආයතනවල කාර්යභාරය’ යන මාතෘකාව ඔස්සේ පෙබරවාරි 25 බදාදා සවස 3.45 ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

මෙම සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන සම්පත්දායකයා ලෙස ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයින්ගේ සංගමයේ (ADRiMP) ලේකම් මේනක විජේසිංහ සහභාගි වීමට නියමිත ය.

සංවාදය මෙහෙයවනු ලබන්නේ SLVLOG හි මාධ්‍යවේදී බෘනෝ දිවාකර විසිනි.

මෙම සාකච්ඡා මාලාව වීඩියෝගත කර SLVLOG POD TALKS YouTube නාලිකාවෙහි විකාශය කෙරේ.

සාකච්ඡාවට සහභාගි වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව 077-329 5002 අංකයට WhatsApp මගින් දැනුම් දෙන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.

හර්ෂ ගුණසේන

සභාපති සහ විධායක අධ්‍යක්ෂ

රයිට්ස් නව් සාමූහිකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න