වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව පෙරළීමට ශක්තිය ඇති එකම බලවේගය සමගි ජනබලවේගය පමණක් බව සහතික කර පෙන්වීමට (24) හැකිවූ බවත්, ඒ වෙනුවෙන් පොල්දූව මංසන්ධියට පැමිණි රටේ ජනතාවට උත්තමාචාරය පුදකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්ෂාවද නොතකමින් දස දහස් ගණනක් ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසීම තුළ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති ජනමතව පැහැදිලිව අවබෝධ කරගැනීමට හැකිවූ බව යි.
ඔහු මේ බව සඳහන් කළේ කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර්...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ නිසයි.
"වර්තමාන වමාංශික ආණ්ඩුව පන්නා දැමීමට හැකියාව තිබෙන්නේ දක්ෂිණාංශික කඳවුරට පමණයි. ආණ්ඩුව සමඟ සමගි ජනබලවේගය ගැටෙන්නේ මතවාදිමය වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන්. පැරණි දේශපාලන සංස්කෘතියෙන් වර්තමාන ආණ්ඩුව පන්නා දැමීමට නොහැකි බව සමගි ජනබලවේගය තේරුම් ගෙන තිබෙනවා.
ජනතාව ඒකරාශි කර ගැනීමට නොහැකි පිරිස් සමගි ජනබලවේග වේදිකාවට පැමිණ මුහුණ පෙන්වීම සිදු නොවිය යුතු දෙයක්. ඒ වගේම මාධ්‍ය ගණිකාවන් යොදාගෙන සමගි ජනබලවේගයට මඩ ප්‍රහාර එල්ල කළාට සමගි ජනබලවේගය හෝ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කඩා වට්ටන්න හැකියාවක් නොමැති බවත් අදාළ පුද්ගලයින් තේරුම්ගත යුතුයි.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජනතාව සමඟයි දේශපාලනය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව මුණගැහෙන්න දිනකට කිලෝමිටර් ගණනාවක් ගමන් කරනවා. රට විනාශ කරන වර්තමාන ආණ්ඩුව පන්නා දමන්න හැකි සියලුම දේ සමගි ජනබලවේගය සිදුකරනවා. අපි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ නිසයි.
දුෂිතයන් රකින්නට අපට අවශ්‍ය නෑ
වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින්, ඒකාධිපතිවාදය තහවුරු කරමින්, රට දැඩි ආර්ථික අගාධයකට ඇද දමමින් දේශපාලන ව්‍යාපෘතියක නිරතවී සිටින බව පැහැදිලියි. ඊට එරෙහිවයි අපි සටන් කරන්නේ. ආහාර වලට, සෞඛ්‍යට පනවා ඇති වැට් බදු ඉවත් නොකිරීම, ඉන්ධන මිල අඩු නොකිරීම, ආර්ථිකය ශක්තිමත් නොකිරීම, තරුණයන්ට අනාගතයක් නිර්මාණය නොකිරීම යන කාරණාවලටයි සමගි ජනබලවේගය විරුද්ධ වන්නේ. එහෙම නැතුව වංචාකරුවන් , දුෂිතයන් රකින්නට අපට අවශ්‍ය නෑ.
අලුත් මාවතක් ඔස්සේ මතවාදි ප්‍රතිපත්තිමය ගමනක් යන්න සුදානම්
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකතු වෙලා අවසානයි. අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව තරඟ කරනවා. එජාප - සමගි එකමුතුව සෑම කෙනෙකුටම පෙනෙන විදියට තහවුරු කර පෙන්විය හැක්කේ මැතිවරණයක් පැවැත්වූ අවස්ථාවකයි. සමගි ජනබලවේගයේ එකම අරමුණ වර්තමාන ආණ්ඩුව පන්නා දමමින්, රටට හිතැති ජනතාවට හිතැති රට සංවර්ධන කරා මෙහෙයවිය හැකි පාලනයක් මේ රටතුළ ස්ථාපිත කිරීමයි.
මතවාදීව ප්‍රතිපත්තිමය අරගලයකින් ජනතා විමුක්ති පෙරමුණ මාළිමාව යටතේ බලය ලබා බවත්, සමගි ජනබලවේගයත් අලුත් මාවතක් මතවාදි ප්‍රතිපත්තිමය ගමනක් යන්න සුදානම් බවත් පැවැසූ මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව පෙරලන්න නම් ඉරි තැලිම් නිර්මාණය කරමින්, එම ඉරිතැලිම් වර්ධනය කරමින් කටයුතු කළ යුතු බවයි. 22 ට එරෙහිව පොල්දූව මංසන්දියේ පැවැති විරෝධතාව එවැන්නක් සිදුකළ ප්‍රබල අවස්ථාවක් වන බවද ඔහු සිහිපත් කළේය."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
