"කත්නෝරු මොඩල්" එක; රැල්ලක් හදාගෙන, සල්ලිත් හොයන "හාමුදුරු බ්‍රෑන්ඩ්" එකක් හදාගන්නා රහස මෙන්න!
දැන් කාලේ හාමුදුරු කෙනෙක් වෙලා "හිට්" වෙන්න නම් ත්‍රිපිටකය කටපාඩම් කරලා විතරක් මදි. අද ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නයි, මිනිස්සුන්ගේ මානසික අවුලයි හරියට තේරුම් ගත්තොත්, "කත්නෝරුවේ හාමුදුරුවෝ" වගේ චරිතයක් නිර්මාණය කරගන්න එක හරිම ලේසියි. මේක නිකන්ම ආගමික වැඩක් නෙවෙයි, මේක හොඳට ප්ලෑන් කරපු "බිස්නස් මොඩල්" එකක්. මෙන්න ඒකේ රහස් ටික.
1වන පියවර - "දුක් විඳින ගැලවුම්කරුවෙක්" බවට පත් වන්න
මේක තමයි පළවෙනි පියවර. ඔයා නිකන්ම බණ කියන්න ගිහින් වැඩක් නෑ. ඔයා පෙන්නන්න ඕන ඔයා මේක කරන්නේ මාර අමාරුවෙන් කියලා. කත්නෝරුවේ හාමුදුරුවෝ බණ කියද්දි නිතරම කියන දෙයක් තමයි "මට අද සනීප නෑ," "මම බෙහෙත් බීලා අමාරුවෙන් ආවේ" කියන එක.
ඇයි එහෙම කරන්නේ? මිනිස්සුන්ට "අනේ පව්" කියලා හිතෙන්න ඕන. හාමුදුරුවෝ තමන්ගේ ඇඟ ගැනවත් හිතන්නේ නැතුව අපිව ගොඩදාන්න ඇවිල්ලා කියන ෆීලින් එක මිනිස්සුන්ට ආවම, මිනිස්සු ඔයාට ණයගැති වෙනවා. එතකොට කවුරුහරි ඔයාට බණිනවා නම්, ඒ බණින කෙනාට ගහන්න වුනත් මේ "ඉමෝෂනල් ෆෑන්ස්ලා" ලෑස්තියි.
2වන පියවර - "අම්මා-තාත්තා" හොඳට මතක් කරවන්න
ලංකාවේ මිනිස්සුන්ව අඬවන්න ලේසි ම ක්‍රමය තමයි අම්මයි-තාත්තයි! කත්නෝරුවේ ස්ටයිල් එකේ බණක් ගත්තොත් ඒකෙ 80%ක්ම තියෙන්නේ අම්මා කොච්චර දුක් වින්ද ද, තාත්තා කොච්චර මහන්සි වුනා ද කියන එක ගැන. මිනිස්සු ගොඩක් අයට තමන් ගේ දෙමාපියන්ට හරියට සලකන්න බැරි වුනා කියන "වරදකාරී හැඟීම" (Guilt) එක තියෙනවා. ඔයා කරන්න ඕන ඒ ගිල්ට් එක අවුස්සන එක. බණේ දී කෑගහලා, අඬලා, සෙන්ටිමන්ට්ල් විදියට කතා කරාම මිනිස්සුන්ට ඉබේම ඇඬෙනවා. ඒ ඇඬීම මිනිස්සු හිතන්නේ "ශ්‍රද්ධාව" කියලා. ඇත්තටම ඒක මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක්. මිනිස්සුන්ව හොඳටම අඬවන්න පුළුවන් (තෙත් කරවන්ට පුළුවන්) හාමුදුරුවන්ට තමයි අද මාකට් එකේ ඉල්ලුම තියෙන්නේ.
3වන පියවර - කෙළින් කතා කරලා සෝෂල් මීඩියා ගේම් එක ගහන්න
දැන් මිනිස්සු ඉන්නේ දේශපාලකයෝ එක්ක කේන්තියෙන්. ඒ නිසා ඔයා දේශපාලකයන්ට, සල්ලිකාරයන්ට, නැත්නම් සමාජයේ වැරදි වලට "කෙළින්ම ගහලා" කතා කරන්න ඕන. "මම කාටවත් බය නෑ" වගේ ටෝක්ස් දෙන්න ඕන.
හැබැයි මේක හිට් වෙන්නේ සෝෂල් මීඩියා හරහා. ඔයාට ඕන හොඳ "ඩිජිටල් ටීම්" එකක්. පැයක් බණ කිව්වට මිනිස්සු අහන්නේ නෑ. ඒකෙන් විනාඩි 3ක කෑල්ලක් කපලා, "අඬන්න කලින් අහන්න," "මෙන්න හාමුදුරුවෝ දුන්න ගේම" වගේ ටයිටල් දාලා යූටියුබ් එකට දාන්න ඕන. "පින්වත් ඔබ" (Pinwath Oba) වගේ චැනල් මේ වැඩේට ම කියලා හදාගන්න. මේ වගේ චැනල් එකක් මොනටයිස් කරලා මාසෙට ලක්ෂ ගාණක් හොයාගන්නත් පුළුවන්!
4වන පියවර - සල්ලි උල්පත පාදාගන්නා ආකාරය
රැල්ල හැදුනට පස්සේ සල්ලි හොයන ක්‍රම ගොඩයි.
කප්රුක පැකේජ්: පිටරට ඉන්න අයට පූජා තියන්න "අටපිරිකර පැකේජ්" විකුණන්න පුළුවන්. මේවා රුපියල් 16,000 පැනලා විකුණන්නේ. එක පූජාවකට 1000ක් ආවොත් හිතාගන්නකෝ ආදායම.
ඩුබායි ටුවර්ස්: ලංකාවේ ආර්ථිකේ වැටුණට ඩුබායි, කොරියා වගේ රටවල ඉන්න ලංකාවේ ශ්‍රමිකයෝ ළඟ සල්ලි තියෙනවා. එයාලටත් තියෙන්නේ ගෙදර දාලා ආපු දුක. ඒ නිසා ඒ රටවලට ගිහින් "අම්මා තාත්තා" ගැන බණක් කිව්වම ඩොලර්වලින් ආධාර එකතු කරගන්න පුළුවන්.
මෙගා ප්‍රොජෙක්ට්: පන්සලක් හදන්න, ලොකු චෛත්‍යයක් හදන්න, බණ මඩුවක් හදන්න වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. මේවට ඉවරයක් නෑ. දිගටම සල්ලි එනවා.
5වන පියවර - "විශ්ව බුද්ධ" වගේ නොවී පරිස්සම් වෙන්න
මේක තමයි වැදගත්ම දේ. "විශ්ව බුද්ධ" වගේ සිවුරේ කලර් එක වෙනස් කරලා, ගංජා ගහලා, ගෑනු එක්ක පාටි දාලා රඟන්න යන්න එපා. එහෙම වුනොත් ලංකාවේ නීතියෙන් කෙළවෙනවා විතරක් නෙමෙයි ඔයාට තියන ගරුත්වය නැති වෙනවා. ඔයා කරන්න ඕන සම්ප්‍රදායික සිවුර ම ඇඳගෙන, පන්සල ඇතුළෙ ම ඉඳගෙන මේ ගේම් එක ගහන එක. හාමුදුරුවෝ කෙනෙක් විදියට පෙනී සිටින තාක් කල්, ඔයාට ලංකාවේ පහළ මැද පාංතික සහ ග්‍රාමීය සිංහල බෞද්ධ සමාජයෙන් ලොකු ආරක්ෂාවක් (Immunity) ලැබෙනවා.
කෙටියෙන්ම කියනවා නම්:
මිනිස්සුන්ගේ දුකයි, බයයි, අම්මා තාත්තා ගැන තියෙන සෙන්ටිමන්ට් එකයි (සංවේදී හැඟීම) මාකට් කරන්න. ඒක සෝෂල් මීඩියාවලින් බූස්ට් කරන්න. ඊටපස්සේ කප්රුක වගේ සිස්ටම් හරහා ඩොලර් හොයන්න පටන් ගන්න. ඕක තමයි "කත්නෝරුවේ මොඩල්" එකේ රහස.

