‘ජීවිතයට බිඳක්’ විශේෂ අභිප්‍රේරණ වැඩසටහන පසුගියදා (23) මත්තේගොඩ සණස සමිති ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මත්තේගොඩ වෙළඳ සංගමයේ හිටපු සභාපති චමින්ද බඳවක ආරච්චිගේ යෝජනාවකට අනුව මත්තේගොඩ වෙළඳ සංගමය විිසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මත්තේගොඩ වෙළඳ සංගමයේ වත්මන් සභාපති, ලේකම්, කාරක සභිකයින්, සමාජිකයින් ඇතුළු මත්තේගොඩ ප්‍රදේශයේ ජනතාව 200කට අධික පිරිසක් සහභාගි වූහ.
සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද (දෙසැ. 29) සිට ඩිජිටල්කරණය කෙරෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
ආපදා ප්‍රතිචාර සහ කළමනාකරණ ක්ෂේත්රයේ වෘත්තිකයන්, විද්වතුන් සහ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් ‘දිට්වා සුළි කුණාටුවේ අත්දැකීම්’ පිළිබඳව සාකච්ඡා මාලාවක් රයිට්ස් නව් සාමූහිකය විසින් සංවිධානය කර ඇත.
නිවෙසේ සිටින සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි (19) නියෝග කළේය.
බන්ධනාගාරගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා මානව හිමිකම් කොමිසමට ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සාරෝජා පෝල්රාජ් මහත්මිය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි නිදහසේ කාන්තාවන්වෝ සංවිධානය සඳහන් කරයි.
2019 වසරේ ජනාධිපතිවරණයට ටික කලකට පෙර ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් රිට් අයදුම්පතක් ගොනු කළ ප්‍රවීන සාහිත්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන ගාමිණී වියන්ගොඩ, විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැනීමේ වයස වැඩිකිරීම සඳහා ගෙන එන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ගොනු කර ඇත.
‘රළ සාමුහිකය’ සහ ‘කිණිහිර අධ්‍යයන කවය’ එක්ව ගාල්ල දිස්ත්‍රීක්කය පදනම් කරගෙන පැවැත්වෙන, ‘මේඝ’ කලා සංස්කෘතික දිගහැරුමේ කූඨප්රාප්තිය ලෙස නොවැම්බර් 22 සහ 23 දෙදින ගාල්ල, හෝල් ඩී ගෝල් පරිශ්‍රයේ කලා උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කෙරෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වැනිදා පෙරවරු 10.00ට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සම්මානලාභී ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති ‘රාජද්‍රෝහී’ ලේබල් කර රේගුව විසින් රඳවා තබා ගැනීමේ දේශපාලනය, ‘රාජද්‍රෝහී කලාව’ ජාතික ආරක්ෂාව හා ප්රකාශනයේ නිදහස මැයෙන් සංවාදයක් මැයි 16 වැනි සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8 ට Zoom තාකෂණය ඔස්සේ පැවැත්වේ.
ලක්සල (ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය) යනු දේශීය අත්කම් ශිල්පීන්ට සාධාරණ වෙළඳපොළක් නිර්මාණය කිරීමේ සහ දේශීය කලා ශිල්ප ජාත්‍යන්තරයට ප්‍රවර්ධනය කිරීමේ උදාර මෙහෙවර සහිතව පිහිටුවන ලද ප්රමුඛ රාජ්‍ය ආයතනයකි.
ප්‍රකට ‘හමාර බණවර’ සහ ‘සරසවි ප්‍රේමය’ යන ගීත ද්විත්වය පැමිණිලිකාරිය ගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව විකෘති කිරීම, වෙනස් කිරීම හෝ වෙනත් නිර්මාණ සඳහා යොදාගැනීම වළක්වමින් සංගීතවේදී රවි රොයිස්ටර්ට එරෙහිව වාණිජ මහාධිකරණය මගින් අද (23) දින වාරණ ආඥාවන් නිකුත් කර තිබෙනවා.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් අද (12) අදහස් දැක්වීමක් සිදු කළා.
දැන් කාලේ හාමුදුරු කෙනෙක් වෙලා "හිට්" වෙන්න නම් ත්‍රිපිටකය කටපාඩම් කරලා විතරක් මදි. අද ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නයි, මිනිස්සුන්ගේ මානසික අවුලයි හරියට තේරුම් ගත්තොත්, "කත්නෝරුවේ හාමුදුරුවෝ" වගේ චරිතයක් නිර්මාණය කරගන්න එක හරිම ලේසියි. මේක නිකන්ම ආගමික වැඩක් නෙවෙයි, මේක හොඳට ප්ලෑන් කරපු "බිස්නස් මොඩල්" එකක්. මෙන්න ඒකේ රහස් ටික.
නන්දා මාලිනී පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්රශස්ති ගායනාවන් නොකළ, සමාජ අසාධාරණය හමුවේ නොබිය ව ගීතය අවියක් කර ගත් අදීන නිර්මාණ ශිල්පිනියක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සමාගමක් සතු "නිෂ්පාදන රහස්" සහ "වෙළෙඳ රහස්" මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
පංති විඥානය යනු...
තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධය යි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් "පියුමා " ලබන ලබන 20 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
සුනිල් එස්. තන්ත්රිආරච්චි විසින් රචිත "මඩකලපු වීරයා, අම්පාරෙ ද්‍රෝහියා, කළුතරට සිංහයා" කෘතිය ජූලි 18වන සෙනසුරාදා, ප.ව 02.30 ට, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.
2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚ එය අපරාධ ස්ථානයක් බවට ද සැලකේ. එහෙයින් එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇත.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු "රතුවේවි මිහිමඩල" ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 28 වන දින කොළඹ පදනම් ආයතනයේ දී සිදුකළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

