#lk#srilanka#newstube

  • 6 ශ්‍රේණිය මොඩියුලය නතර කළේ ඇයි කියලාදැනගන්න වුමනා නම් ජනාධිපති ගේ face book ගිණුම බලන්න - අජිත් පී. පෙරේරා

    ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තෙ වික්ෂයේ බලපෑම මත නොව එහි දැවැන්ත අඩුපාඩු රාශියක් පවතින බැවින් වන අතර ඊට හේතුව කුමක්දැයි දැනගැනිමට නම් ජනාධිපතිවරයා ඔහු ගේ face book ගිණුමෙහි තැබූ සටහන බලන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.

  • AI Governance පිළිබඳ ගෝලීය සංවාදය ජූලි මස 6-7 ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී

    වසර පනහකට පෙර සිට කරළියට ආ කෘතිම බුද්ධිය (Artificial Intelligence -AI) පසුගිය වසර කිහිපය තුළ සාමාන්‍ය ජනතාව අතර භාවිතයට එක්වී තිබේ.

  • ASP ඕලුගල, බිරිඳ ගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතියේ සහය පතයි

    සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

  • BBCයෙන් මාධ්‍යවේදී අසාම් අමීන්ට මිලියන 7ක වන්දියක්

    මෙරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්, BBC ආයතනයේ සේවය කළ හිටපු මාධ්‍යවේදී අසාම් අමීන් හට රුපියල් මිලියන 7කට ආසන්න සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ අධිභාර මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.

  • Blue Ocean සමාගම් සමූහය සිය දස වසරක සේවාව සමරයි

    නාගරික සහ අර්ධ නාගරික තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමේ ප්‍රමුඛයෙක් වන Blue Ocean සමාගම් සමූහය සිය අභිමානවත් දස වසරක සේවාව සාඩම්බරයෙන් සමරයි.

  • Blue Ocean සමූහය මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි

    Blue Ocean සමූහය දශකයකට අධික කාලයක් තම සාර්ථකත්වය විදහා දක්වමින් සුඛෝපභෝගී සහ නාගරික තදාසන්න තම සේවාදායකයන් සඳහා ඔවුන් වෙන් කරගත් මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි.

  • BYD විකුණපු වාහන 115,000ක් ආපසු කැඳවයි !

    ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් වාහන 115,000කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.

    මෙම සිදුවීම, පිරිවැය අවම කිරීමට සමාගම දක්වන සැලකිල්ල මත ගුණාත්මකභාවය අඩුවීම ඉහළ දැමීමට බල කෙරී ඇතැයි Reuters, BloomBerg ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව, දෙමුහුන් (Hybrid) සහ විද්‍යුත් (Pure-Electric) මාදිලි දෙකම ඉලක්ක කර ගනිමින් මෙම වෙනම කැඳවීම් දෙක සිදුකරන බව එම නියාමන ආයතනය සිකුරාදා (ඔක්තෝබර් 17, 2025) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    වාහන නැවත කැඳවීම් සුලභ වුවද, මෙම දෝෂ මූලික ධාවන පද්ධති සහ බැටරි උපාංගවලට සම්බන්ධ වීම විශේෂිතය. මේ වසරේ BYD හි ප්‍රධාන ප්‍රතිවාදියා වන Xiaomi සමාගමේ මෝටර් රථ සම්බන්ධ මාරාන්තික අනතුරු දෙකකින් EV ආරක්ෂාව පිළිබඳව චීන පාරිභෝගික කනස්සල්ල ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම දෝෂ තත්ත්වය එම කනස්සල්ල තවදුරටත් වර්ධනය කළ හැකිය.

    2015 මාර්තු සහ 2017 ජූලි අතර නිෂ්පාදනය කරන ලද ප්‍රමුඛතම දෙමුහුන් ටැං (Tang) මාලාවේ පැරණි මාදිලියේ ඒකක 44,000ක් පමණ පලමු කැදවීමට ඇතුළත් වේ. උපාංග සැලසුමක සහ ධාවන මෝටර් පාලකයේ (drive motor controller) ඇති දෝෂ හේතුවෙන් පරිපථ පුවරුව දැවී යාමට හෝ, දරුණු අවස්ථාවලදී, බලය අහිමි වීමට පවා ඉඩ ඇත.

    2021 පෙබරවාරි සහ 2022 අගෝස්තු අතර නිෂ්පාදනය කරන ලද විද්‍යුත් යුවාන් ප්‍රෝ (Yuan Pro) ක්‍රොස්ඕවර් රථ 70,000ක් පමණ ආපසු කැදවීමට අයත් වේ. බැටරියේ ජල ආරක්ෂිත සැලසුමේ ඇති දෝෂයක් හේතුවෙන් බල නිමැවුම අඩු වීමට ඉඩ ඇත. BYD සමාගම මෙම ගැටලුව සඳහා බැටරි ආවරණයට සීලන්ට් ආලේප කිරීමට සැලසුම් කර ඇත.

    BYD සමාගම දේශීය, මිල-තරඟකාරී සමාගමක් ලෙස පැවති ප්‍රතිරූපය ඉවත් කර ගෝලීය සන්නාමයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරවාරයේ, චීනයේ මෝටර් රථ මිල යුද්ධය හේතුවෙන් දේශීය වෙළඳපලෙහි එහි ආධිපත්‍යය අඩු වී ඇත.

    මෙම EV දැවැන්තයා, සැප්තැම්බර් මාසයේදී මාස 18කට පසු සිය පළමු මාසික විකුණුම් අඩුවීම වාර්තා කළ අතර, එම කාලය තුළ චීනයේ වැඩිම අලෙවියක් සහිත සන්නාමය ලෙස පැවති තත්ත්වයද අහිමි කර ගත්තේය. එමෙන්ම, වෙළඳපල තුළ පවතින දුෂ්කර තත්ත්වයන් හේතුවෙන්, සමාගමට 2025 වසර සඳහා වූ සිය විකුණුම් ඉලක්කය ඒකක මිලියන 5.5 සිට මිලියන 4.6 දක්වා අඩු කිරීමට ද සිදුවිය.

  • Campaign Agency of the Year 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව රනින් පිදුම් ලබයි

    ඉතිහාසයේ පළමු වතාවට South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට DC Group ආයතනය සමත් වී ඇත.

  • CIDයෙන් පලායෑමට තැත් කිරීමේ නඩුවේ හරක් කටාට එරෙහි PTA චෝදනා මහාධිකරණයෙන් ඉවතට

    රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය දී ඉන් පලායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

  • Clean Sri Lanka ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සුදු අලියෙක් - සූගීෂ්වර බණ්ඩාර

    2025 ජනවාරි මස ආරම්භ කළ Clean Sri Lanka ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සුදු අලියෙක් බවත්, එම ව්‍යාපාතිය වෙනුවෙන් මකට අවම වැය කරන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

  • Cloudflare Cloudflare බිඳවැටීම යළි යථා තත්ත්වයට - සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි

    ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන CloudFlare හි ඇති වූ ප්‍රධාන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වූ වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

  • Colombo Literary Festival ප්‍රභූවාදී ද...?

    කොළඹ සාහිත සමය Colombo Literary Festival ලංකාවෙ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙ හරිම වැදගත් කටයුත්තක්. මේ වගේ වැඩක් සංවිධානය කිරීම ගැන ඒ පිටිපස්සෙ ඉන්න අයට ගෞරවය හිමි වෙන්න ඕනෙ.

  • Cyber Crime වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්

    පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crime) වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  පවසයි.

  • Cyber Securityවල බරපතළකම ආණ්ඩුව දන්නෙ නැහැ - අසේල විද්‍යාලංකාර (වීඩියෝ)

    Cyber Securityවල බරපතළකම පිළිබඳව ආණ්ඩුවට කිසිදු වැටහීමක් නැතැයි අසේල විද්‍යාලංකාර පැවසී ය.

  • DIGගේ පොලිස් සොහොයුරා අල්ලස් දැලේ !

    ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • DNA පරීක්ෂණයට කලින් පල්ලේගම හිමිට අටමස්ථානයේ විශේෂ ආශීර්වාද පූජාවක් සිදු කරලා - (News Center වීඩියෝවක්)

    ළමා අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති හිටපු අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ කතා බහට ලක් වුණා.

  • e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

    අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

  • ETI Finance Ltd මුල්‍ය සමාගමේ තැන්පත්කරුවන් උද්ඝෝෂණයක

    ETI Finance Ltd මුල්‍ය සමාගමේ මුදල් තැන්පත්කළ තැන්පත්කරුවන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අද, (19) ශ්‍රී ලංකා මහා බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

  • Facebook ගිණුමකින් දරුවන් ගේ සහ කාන්තාවන් ගේ අසභ්‍ය ඡායාරූප විකුණු පුද්ගලයකුට ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක්

    Facebook ගිණුමක් සාදා, වසර දෙකක සිට දරුවන් ගේ සහ කාන්තාවන් ගේ අසභ්‍ය ඡායාරූප විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (28) නියෝග කළේය.

  • FBC සහ ඩෙංගු NS1 රුධිර පරීක්ෂණ සඳහා නියමිත උපරිම ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්

    යාපනයේ පෞද්ගලික රෝහලක් විසින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂාව සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කිරීම සම්බන්ධයෙන් පළ කළ පුවතෙන් අනතුරුව, එම උපරිම ගාස්තු නියම කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාරිභෝගිකයින් රැසක් විමසීම් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න