අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් අද (12) අදහස් දැක්වීමක් සිදු කළා.
ඒ, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් හමුවීමෙන් පසු මාධ්‍යට අදහස් පළකරමින්.
මෙහිදී ඔහු සඳහන් කළේ "ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියක්, පනතක් ගෙන එන විට විශාල සංවාදයක් ඇතිවිය යුතු වුව ද මෙය සම්පූර්ණයෙන් රහසිගතව සිදු කරණ තත්වයකට පත්ව ඇති බවයි. අධිකරණ අමාත්‍යවරයා පවා මේ ගැන කිසිවක් නොදන්නා බව පවසා ඇති බවයි.
එමෙන්ම එළඹන සතියේදී මීට එරෙහිව උසාවි යන බවද, ගොඩගැසී ඇති නඩු, නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් මේ හරහා කිසිම විසඳුමක් ලැබෙන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වන බවද මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් පැවසීය.
මතු දැක්වෙන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීමයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
