සිය ආණ්ඩුවක් යටතේ රේගුවෙන් කන්ටේනර් 323ක් පිටකළේ අනුර දිසානායක ද බිමල් රත්නායක ද යන්න සොයා වැරදිකරු අනිවාර්යෙන් සිරගෙට යවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
දකුණු යේමනයේ බෙදුම්වාදී කැරළි නායක අයිඩාරස් අල්-සුබෙයිදී ට බෝටුවකින් පලායාමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දී ඇතැයි, සෞදි අරාබි සන්ධානය පවසයි.
සිනමා නිළි රැජින, මගේ ආදරණීය ලොකු නැන්දා වන මාලිනී ෆොන්සේකා මහත්මිය අප අතරින් වෙන් වී වසරක් ගෙවී යෑමටත් මත්තෙන්, ඇගේ ජීවිත කතාව අලළා සිනමාපටයක් නිර්මාණය වන බවට ජයන්ත ධර්මදාස මහතා සිදු කළ නිල නිවේදනයෙන් පසුව ඒ පිළිබඳව සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය විය.
ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ 'වාලම්පුරි' (2025) චිත්‍රපටයේ ඩීසීපී (DCP) පිටපත අගෝස්තු 8 සෙනසුරාදා, පස්වරු 1 ට, කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා ශාලාවේදී (තරංගනී) නොමිලේ ප්‍රදර්ශනය වේ.
වැඩ කරන ජනතාවට ගෞරවනීය සේවාස්ථානයක් සහතික කිරීම උදෙසා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් ආරක්ෂාවීම සහතික කිරීම සඳහා රජය කැපවී සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජල කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට නොබියව මුහුණ දෙමින් තම ගොවිතැන ජයග්‍රාහීව කරගෙන යාමට සුළු හා මධ්‍ය පරිමාණ ගොවියාට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය මගින් මග පෙන්වූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති ලාල් කාන්ත ප්‍රකාශ කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරය ඝාතනය කිරීම විපක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනඥයන්ට එල්ලකළ තර්ජනයක් බවත්, එම ක්‍රියාව තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පැවසී ය.
ඊජිප්තුවේ පැවති 53 වන "මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් " ( Miss Intercontinental) රූ රැජින තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හිමි වූ " ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි " ( Strenth and Harmony) සම්මානය දිනා ගත් හංසනා බාලසූරිය අද (01) අලුයම දිවයිනට පැමිණියාය.
'සාහිත්‍ය කන්නද...?' යැයි ජේ. ආර්. විමසුවේ හෝ පැවසුවේ එහි මතුපිට අර්ථයෙන් වටහා ගැනිමට නොව එහි ද්වි අර්ථයක් සහිතව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
2019 වසරේ සිරිකොත පක්ෂ මූලස්ථානය මුදල් අය කිරීමකින් තොරව අලුත් වැඩියා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න ජයතිලක මහතා ඇපමත මුදා හරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
වර්ෂ 1974 මැයි මස 15 වනදා වේදිකා ගත කළ සුබ සහ යස වේදිකා නාට්‍යය, සයිමන් නවගත්තේගම නිර්මාණවේදියා ගේ / සාහිත්‍යකරුවා ගේ විශිෂ්ට වේදිකා නාට්‍යයකි.
ධාරානිපාත වර්ෂාවෙන් ඊයේ (25) ගාසා තීරය ජලයෙන් යට විය. දහස් සංඛ්‍යාත අවතැන් පලස්තීනුවන්ට හිසට සෙවණක් තැනූ තාවකාලික කූඩාරම් පරිශ්‍ර මඩ ගොහොරු බවට පත්විය. ඔවුන් මීළඟට මුහුණ දෙන්නේ ශීතයේ සියොළඟ කීරි ගැහෙන කුණාටු සමයට ය.
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළවල ඇති වන බාධා හේතුවෙන් සැපයුම් සීමාවන්ට ශ්‍රී ලංකාව මුහුණ දෙන බැවින්, විදුලිය සහ ඉන්ධන වගකීමෙන් අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් පමණක් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේදී අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ආපදා අවස්ථාවේදී අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන පිරිස් බලෙන් හෝ ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ආපදා අවස්ථාවකදී සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසීය.
“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

