#lk#srilanka#newstube

  • ආර්ථික විද්‍යාව දේශපාලනයෙන් වියුක්ත කළ හැකි ද...? - Ideas front වීඩියෝවක්

    ආර්ථික විද්‍යාව ලෙස විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ද, ධනනාත් ප්‍රනාන්දු Advocata තුළ සාකච්ඡා කරන ආර්ථික විද්‍යාව යනු ආර්ථිකයෙන් දේශපාලනය වියුක්ත කර එයට ස්වායත්ත විද්‍යාවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ⁠බිමල්, යකා පාලමේ තත්ත්වය නිරීක්ෂණය කරයි

    අයහපත් කාලගුණික තත්ත්වයන් හානි වූ, පේරාදෙණියේ පිහිටි ‘යකා පාලම’ පාලම අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (13) නිරීක්ෂණය කළේය.

  • අනුමැතියකින් තොරව 2024 දී ලංවිම රුපියල් බිලියනයක දීමනා ගෙවලා

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් එහි සේවකයින් සදහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබානොගෙන 2024 වර්ෂය තුල පමණක් රුපියල් මිලියන 1,060.02ක විවිධ දිමනා ගෙවා ඇති බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

  • තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය ! - නීතියේ කනින් රිංගා දුන් UDA අනුමැතියට 'මාතෘභූමි' සංවිධානයෙන් නඩු

    කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බව කියන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව අධිකරණයට යනබව ''මාතෘභුමි'' සංවිධානය පවසයි.

  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ ප්‍රකාශය

    අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන විමර්ශනය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කට උත්තරයක් ලබා දී ඇත.

  • පියවර හතරකින් බදු වෙනසක් ඇති කරමු

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සිගරට් බදු පනවා නොමැති වීම නිසා ලංකාව මේ වන විට රුපියල් බිලියන 25ක බදු ආදායමක් අහිමි කරගෙන ඇත.

  • මීගමුව බන්ධනාගාරයේ ගැටුම: ක්ෂණික සිදුවීමක් ද, සැලසුම්සහගත ක්‍රියාවක් ද...?

    මීගමුව බන්ධනාගාරය තුළ මෑතක දී ඇති වූ ගැටුම යනු හුදෙක් සිරකරුවන් පිරිසක් අතර ඇති වූ සාමාන්‍ය රණ්ඩුවක් නොවන අතර එය රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ක‍්‍රියාත්මක වූ සංවිධානාත්මක කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව සනාථ වන කරුණු මේ වන විට නිරික්ෂණය වෙමින් පවතී.

  • රනිල් ගලවාගැනීමේ මෙහෙයුමේ ‘ටයිම්ස්’ බෝම්බය පුස්වෙඩිල්ලක් වූයේ ඇයි! | Sanath Balasooriya

    රනිල් වික්‍රමසිංහ බේරාගැනීම සඳහා පසුගිය ඉරිදා ටයිම්ස් පුවත්පත පත්තුකරන්නට ගිය ‘ටයිම්ස් බෝම්බය’ දැන් පුස්වෙඩිල්ලක් වී අවසාන ය.

  • වත්මන් රජය ලවා සිදුකර ගත හැකි වැදගත් ම දෙය කුමක් ද? - ආනන්ද දේවසිංහ පැහැදිලි කරයි

    වත්මන් රජය ලවා සිදුකර ගත හැකි වැදගත් ම දෙය වන්නේ රටේ පාතාලය, කුඩු සහ මත්ද්‍රව්‍ය උවදුර මෙන් ම දූෂණය වංචාව නතර කරවා ගැනීම යැයි පිරිපුන් සංවිධානයේ සභාපති ආනන්ද දේවසිංහ ප්‍රකාශ කරයි.

  • විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති පදවියට

    ඉදිරි සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

  • සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවෙයි

    විපක්ෂ නායකවරයා ගේ ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවර සිදු කළ සංචාරයේ දී සජිත් ප්‍රේමදාස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සම. සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්විණි. මෙහි දී ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.

  • හිත ලෙඩ වෙලාදැයි බලන්න ලංකාවෙන් ‘ඇප්’ එකක්

    ලොව ප්‍රථම වරට තමන්ගේ මානසික ආතති මට්ටම තමන්ට ම මැනගත හැකි ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.

    ‘Nirogi’ නම් මේ ඇප් එකෙන් අවශ්‍ය භාෂාව තෝරාගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් තමන්ගේ ආතති මට්ටම තමන්ටම මැනගත හැකි බව එම යෙදුම නිර්මාණය කළ වෛද්‍යවරු පවසති.

    සාමාන්‍ය, සුළු, තරමක් ඉහළ සහ තීව්‍ර (උග්‍ර) ලෙසින් ආතති මට්ටම් වර්ග කර ඇති ලැබෙන ලකුණු අනුව ආතතියේ තරම ගැන නිගමනය කළ හැකි ය.

    සුළු මට්ටමෙන් පවතිනවා නම් දෙසතියකින් නැවත එම යෙදුමේ ප්‍රශ්නවලට පිළිතුරු දී ලකුණු මට්ටම මැන බැලීම වැදගත් වේ.

    තරමක් ඉහළ අයට ද එය අදාළ වන අතර ඔවුන් 1926 අමතා උපදෙස් ලබා ගත යුතු ය.

    එසේ නොමැති නම් මනෝ වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. ඔවුනට අවශ්‍ය උපදෙස් ද Nirogi යෙදුම හරහා ලබාදෙයි.

    තීව්‍ර හෝ බරපතළ තත්ත්වයේ ඇත්නම් වහා ම මනෝ වෛද්‍ය උපදෙස් පතා යොමු විය යුතු ය.

    ආතතිය දිගින් දිගට ම පැවැතීමෙන් කෙනෙකු විශාදයට පත් වීමේ දැඩි අවදානමක් පවතී.

    මෙම යෙදුම මගින් කෙනෙකුට තමන්ටගේ ආතති මට්ටම විශාදය දක්වා දුරදිග ගොස් ඇත්දැයි කෙනකුට පහසුවෙන් ම තීරණය කළ හැකි ය.

    ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමන, වෛද්‍ය ආර්. නිරංජන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය පාරමී රත්නායක, වෘත්තීය චිකිත්සක චාරුක යන සිව් දෙනා විසින් මෙම යෙදුම නිර්මාණය කර ඇත.

    ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුමට සමගාමීව Nirogi යෙදුම ජනගත කිරීම ඊයේ (ඔක්. 17) කොළඹ 8, මොඩන් ෆාම්හි ප්‍රසව සහ නාරිවේද විශේෂඥවරුන්ගේ විද්‍යායතන මූලස්ථානයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්මිණී මාගොඩආරච්චි සහ මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමනගේ මූලිකත්වයෙන් සිදුවිය.

    ( Mawbima -| චම්පිකා දීපානි රණසිංහ)

  • ''Who is lasantha? රාජ්‍ය අපරාධකාරිත්වයේ අක්මුල් සොයා...'' ගන්න 27වන දා කොළඹ මහජන පුස්තකාලයට එන්න

    මීට වසර 17කට පෙර ඝාතනයට ලක් කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඔබට යළි මුණගස්වන්නට සූදානම් යැයි ලාංකීය ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ, මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා'' කෘතිය ජනගත කිරීමෙනි.

  • ''අපේ අනන්‍යතාව'' යනු අන්තවාදය නොවේ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

    අපි, ''අපේ අනන්‍යතාව'' යැයි විවාද කරන විට බහුලව සාකච්ඡා කෙරෙන්නේ අන්තවාදයේ සිට යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

  • ''ඇසිදිසි ජනමාධ්‍ය'' සහ ''ඇසිදිසි තාක්ෂණික'' ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවයි

    ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන් ගේ වෘත්තීය භාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම අරමුණු පෙරදැරි කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වාර්ෂිකව ක්‍රියාත්මක කරන 2026 වසරට අදාළ ''ඇසිදිසි ජනමාධ්‍ය'' සහ ''ඇසිදිසි තාක්ෂණික'' ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

  • ''ඉරිසියාවේ අත්පොත'' 12වන දා..

    ප්‍රියනාත් විදානපතිරණගේ විසින් රචිත ''ඉරිසියාවේ අත්පොත'' ප්‍රබන්ධ කෘතිය ජූලි 12වන දා සවස 02.30ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

  • ''ඔතෙලෝ'' ශ්‍රී ලංකා විවෘතවිශ්වවිද්‍යාලයේ දී...

    ප්‍රවීණ රංගවේදී ජයනාත් බණ්ඩාර ගේ අධ්‍යක්ෂණයෙන්, විලියම් ෂේක්ස්පියර් ගේ අමරණීය ඔතෙලෝ නාට්‍යයේ සිංහල වේදිකා නිර්මාණය 2026 ජූලි 16වන දා පෙරවරු 10.30ට සහ පස්වරු 2.30ට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී වේදිකාගත වේ.

  • ''මහ මොළකරුවා'' කෘතියෙන් කළේ මෙරට 53%ගේ විශ්වාසය බිඳ දැමීම යි - උදය ගම්මන්පිල

    දේශීය බලවත් කණ්ඩායමක කුමන්ත්‍රණයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ බව අපේ රටෙහි ජනගහනයෙන් 53%ක් පමණ විශ්වාස කරන්නේ යැයි උදය ගම්මන්පිල පැවසී ය.

  • '2026 අයවැය ලේඛනය දෙස පාට කණ්ණාඩි දමා බලන්න එපා' - අගමැතිනිය

    ලබන 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව පක්ෂ පාට කණ්ණාඩි ඉවත ලා බලන ඕනෑම කෙනෙකුට සුවිශේෂී අධ්‍යයනයක් වී තිබෙන්නේ යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පෙන්වා දෙයි.

  • 'Free Lawyers' සංවිධානය නීතිපති දිරිගන්වයි

    සමාජ මාධ්‍ය ඔස්සේ නිතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව තම සංවිධානය නිරීක්ෂණය කර ඇති බවත්, එවැනි අසත්‍ය සහ උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය සහ සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දක් බවත් Free Lawyers සංවිධානය පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න