පැපුවා නිව්ගිනිවේ දරුණු නාය යෑමක්

පැපුවා නිව්ගිනිවේ දුෂ්කර ගම්මාන හයක සිදු වූ දැවැන්ත නාය අනතුරකින් නිවාස සියයකට අධික සංඛ්‍යාවක් මුළුමණින්ම විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බව වාර්තා වේ.
එග්නා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ මෙම නායයෑම පෙර නොවූ විරූ ව්‍යසනයක් බවයි.

පස්කන්ද කඩා වැටීමෙන් විනාශ වූ නිවෙස්තුළ සිරව ඇති පිරිස් ගලවා ගැනීම සදහා මේවන විට සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ යුහුසුළුව ක්‍රියා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

පැපුවා නිව්ගිනිවේ දරුණු නාය යෑමක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ජීවිතක්ෂයට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

“ජනාධිපති රයිසි, විදේශ අමාත්‍යවරයා සහ හෙලිකොප්ටරයේ සිටි සියලු ම මගීන් අනතුරින් මිය ගියා” යැයි ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියා රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීමේ ඇති සංවේදීභාවය හේතුවෙන් ඔහු තම නම සඳහන් නොකරන ලෙස පැවසුවේ යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

ඉරානයේ මේර් (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය ද ඔවුන් මරණයට පත්ව ඇතැයි තහවුරු කර තිබේ.

“ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයේ සිටි සියලු ම මගීන් තම ප්‍රාණ පරිත්‍යාග කළා,” යනුවෙන් ඔවුන් වාර්තා කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ඉරාන නිලධාරියෙකු මීට පෙර රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණේ, රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් රැගත් හෙලිකොප්ටරය ඉරිදා අනතුරෙන් සම්පූර්ණයෙන් ම දැවී ගිය බව ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉරානය මේ වනතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA පැවසුවේ රයිසි එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණු බව ය.

63 හැවිරිදි රයිසි 2021 වසරේදී ඉරාන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර, බලයට පත් වූ දා සිට ඔහු එරට සදාචාර නීති දැඩි කිරීමට පියවර ගත්තේ ය.

රාජ්‍ය විරෝධී විරෝධතා දැඩි ලෙස මර්දනය කළ ඔහු ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සාකච්ඡා සඳහා දැඩි ලෙස යොමු විය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ජීවිතක්ෂයට

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න