ටැන්සානියා විරෝධතාවලින් 700ක් මරුට

ටැන්සානියා විරෝධතාවලින් 700ක් මරුට
රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂයට අනුව දින තුනක මැතිවරණයට අදාළ විරෝධතා අතරතුර ටැන්සානියාවේ පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
 

ටැන්සානියාවේ අන්තර්ජාල ප්‍රවේශය සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය ඔක්තෝම්බර් 29 වැනිදා පැවති ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ලවීමත් සමඟ මෙම විරෝධතා මතුවිය.

විරෝධතාකරුවන් කියා සිටින්නේ පාලක ආණ්ඩුව විපක්ෂ නායකයින්ට හිංසා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන බවයි.

ටැන්සානියාවේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එරට හදිසි තත්ත්වයක් පනවා තිබේ.

මේ අතර, එක්සත් රාජධානිය, කැනඩාව සහ නෝර්වේ විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උපරිම සංයමයකින් යුතුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන ලෙසයි.
 
 
(newstubeEnglish web පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න