ග්‍රීක බලධාරීහු අද (27), ලෙස්බෝස් (Lesbos) දිවයිනට ඔබ්බෙහි මුහුදු තීරයේ අනතුරට පත් සංක්‍රමණිකයින් පිරිසක් සොයා, හදිසි සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.
එහිදී, නිරිතදිග අග්‍රිල්ලා (Agrilia) තුඩුව ආශ්‍රිතව අනතුරට පත් සංක්‍රමණිකයින් 7 දෙනකු බේරා ගත් බව වාර්තා වේ. සිහි සුන්ව මුහුදේ පාවෙමින් සිටි තවත් දෙදෙනකු මුදා ගත් බව ද, එරට වෙරළාරක්ෂක අංශ පවසති. ඒ සඳහා විශේෂ නාවික යාත්‍රා දෙකක, හෙලිකොප්ටර යානයක සහ භූමියේ වෙරළාරක්ෂක ඒකකයක සහාය හිමි විය.
යුරෝපා සංගමයේ දකුණු කෙළවර, මධ්‍යධරණී සාගර කලාපයේ පිහිටි රටක් වන ග්‍රීසිය, දිගු කලක් තිස්සේ, මැද පෙරදිග, අප්‍රිකාවේ සහ ආසියාවේ සිට යුරෝපය බලා පලා යන සංක්‍රමණිකයින්ගේ සහ සරණාගතයින්ගේ ආකර්ෂණය දිනූ රටකි.
ග්‍රීසිය වෙත, ක්‍රෙටේ (Crete) සහ ගව්ඩෝස් (Gavdos) දූපත් ඔස්සේ පලා එන ලිබියානු සරණාගතයින්ගේ වර්ධනය හේතුවෙන්, මේ වන විට, එරට සංක්‍රමණ නීති දැඩි කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/27/2025

