ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින්පින් අතර හමුවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින්පින් අතර හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව හෙට දිනයේ සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම හමුව දකුණු කොරියාවේ බුසාන්හිදී පැවැත්වීමට නියමිතය.

අමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මීට පෙර පැවති සාකච්චාවකදී පවසා තිබිණි.

අමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන්ගේ මෙම හමුව සම්බන්ධයෙන් චීන විදේශ මණ්ඩලයේ ප්‍රකාශකයෙකු විසින් අද (29) තහවුරු කර ඇති අතර ඔවුන් සඳහන් කළේ අමෙරිකානු - චීන සම්බන්ධතා සහ වත්මන් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවය.

2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න