ඇෆ්ඝනිථානයේ දරුණු භූ කම්පනයක්

ඇෆ්ඝනිථානයේ දරුණු භූ කම්පනයක්

ඇෆ්ඝනිථානයේ රිච්ටර් මාපක 6.3ක භූ කම්පනයක් වාර්තා වේ. ඉන්, මේ වන විට, 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත්  විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ.


උතුරු ඇෆ්ඝනිස්ථානයේ මසාරෙ ෂරිෆ් (Mazar-e Sharif) නගරය ආසන්නයේ අද (03) උදෑසන එම භූ කම්පනය සිදු ව තිබේ. මෙතෙක් තුවාළ ලැබූ සංඛ්‍යාව 260කට අධිකය. පුද්ගල මරණ සහ තුවාළ කරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

මසාරෙ ෂරිෆ් නගරාසන්නයේ කි.මී.28 භූ අභ්‍යන්තරයේ එය සිදුව ඇතැයි, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි. නගරයේ, 523,000කට අධික ජනගනහනයක් වෙසෙති.

තුවාලකරුවන් අසල පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙමින් පවතී.

භූ කම්පනයෙන් වඩාත් අලාභ හානි සිදුව ඇත්තේ බාඛ් (Balkh) සහ සමන්ගන් ( Samangan) පළාත් ආශ්‍රිතව බව, ඇෆ්ඝන් තලිබාන් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.  විපත් සිදු වූ ස්ථාන කරා වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වහා පිටත් කර යවා තිබේ. අසල සියලු රෝහල් ද පූර්ව සූදානමින් පසුවේ. එම භූ කම්පනය එරට විශාල  ප්‍රදේශයකට බලපෑ ඇතැයි,  එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි.

ඇෆ්ගනිස්ථානය භූමිකම්පන  වලට වෙසෙසින්   ගොදුරු විය හැකි  ක්‍රියාකාරී විභේදන දෙකක් මත පිහිටි  රටකි.   ගැටුම් පවතින අග්නිදිග ඇෆ්ඝනිස්ථානයේ පසුගිය අගෝස්තු මස සිදුවූ භූ කම්පනයෙන් පුද්ගලයින් 2200ක් මරණයට පත්ව, දහස් ගණනක පිරිසක් තුවාළ ලැබූහ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/03/2025


Powerful 6.3 quake kills at least 10 in Afghanistan, scores injured


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න