ගාසා තීරයේ ආරක්ෂාවට ඉදි කෙරෙන ජාත්‍යන්තර බලකායට එක්වීමට තුර්කි ආරක්ෂක හමුදාවන්ට අවසර නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
වරක් සමීප ද්වීපාර්ශ්වීය සහයෝගිතාවේ පැවති ඊශ්‍රායල-තුර්කි සබඳතා, ගාසා යුද සමයේ දැඩිව ඉරි තලා ගියේය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිදු කළ දැවැන්ත ගුවන් සහ භූමි ප්‍රහාර, තුරිකි ජනපති, ටයීප් එර්ඩොගාන් (Tayyip Erdogan) ගේ තද බල දෝෂ දර්ශනයට ලක් විය.
ගාසා තීරයේ ආරක්ෂාවට තැනෙන බහු ජාතික ආරක්ෂක හමුදාව, ඊශ්‍රායලයේ අභිමතය පරිදි ඉදි කළ යුතු බව, එරට සංචාරයක නියුතු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මාර්කෝ රුබියෝ ( Marco Rubio ) පසුගිය දා පැවසීය. ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමයට දිරි දීම පිණිස ඔහු ඊශ්‍රායල සංචාරයේ නිරත විය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින්, එම ජාත්‍යන්තර ආරක්ෂක බලකාය වෙත තුර්කි හමුදා එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් රුබියෝ වැළකී සිටියේය.
ගාසා තීරයේ අනාගත රාජ්‍ය පාලනය, ඊශ්‍රායලය සහ අනෙකුත් පාර්ශ්ව රටවල සහයෝගීත්වයෙන් තීරණය කෙරෙන්නක් බවත්, ඊට හමාස් සංවිධානය කිසිසේත් ඇතුළත් නොවන බවත්, ඔහු අවධාරණය කළේය.
ගාසා තීරයේ ආරක්ෂාවට බහු ජාතික හමුදාවක් යෙදීම බලාත්මක කිරීම පිලිබඳ ජාත්‍යන්තර එකඟතාවකට හෝ ඒ පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියකට එළඹීම පිලිබඳ, එක්සත් ජනපද නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කටාර් රාජ්‍යයේදී සාකච්ඡා පැවැත්විණි.
හමාස් සංවිධානය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කිරීම, ජනපති ට්‍රම්ප් ගේ විසි වැදෑරුම් ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර මුහුණ පා සිටින විශාලතම අභියෝගය වේ. සටන් විරාමය ඇරඹි සැණින්, හමාස් සංවිධානය, ගාසා තීරයේ "බලය පෙන්වමින්", විරුද්ධ පාක්ෂික පලස්තීනුවන් රැසක් තැන තැන ඝාතනය කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/27/2025
Netanyahu says Israel will decide which foreign troops acceptable to secure Gaza ceasefire

