ඊශ්‍රායලය අදත් ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවනින් සහ යුද ටැංකි යොදා ප්‍රහාර එල්ල කළේය. ඒ, සටන් විරාමය සුරකින බවට ඊයේ (29) යළි පොරොන්දු වීමෙන් අනතුරුවය.
ගාසා තීරයේ සිය බල ප්‍රදේශයේ හඳුනාගත් හමාස් ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.
නැගෙනහිරබද ඛාන් යුනිස් (Khan Younis) ප්‍රදේශය එල්ල කර ගුවන් ප්‍රහාර 10ක් පමණ සිදු බවට ඇසින් දුටුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කියයි. ගාසා නගරයේ පෙරදිග පෙදෙස් වෙත ද, ඊශ්‍රායල යුද ටැංකි මගින් ෂෙල් ප්‍රහාර එල්ල කර තිබේ.
ගාසා තීරයේ ඊශ්‍රායල පාලන සීමාවේ සිය හමුදාවන්ට තර්ජනයක් බවට හඳුනාගත් නිශ්චිත සතුරු යටිතල පහසුකම් ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව පැවසීය. ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්වූවන් පිලිබඳ මෙතෙක් වාර්තා වී නැත.
සියලු ප්‍රහාර තව දුරටත්, සටන් විරාම සමය තුළ, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා බල ප්‍රදේශයට පමණක් සීමාව ඇතැයි ද වාර්තා වේ.
අඟහරුවාදා (28) සහ ඊයේ ගාසා තීරයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් මිය ගිය පලස්තීනුවන් 104 දෙනා අතර ළමුන් 46ක් සහ කාන්තාවන් 20ක් ද වන බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/30/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
