Image

ඩකා ගුවන්තොටුපොළේ ගින්නක් - ගුවන් ගමන් අත්හිටුවයි

බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් එහි සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ බංග්ලාදේශ ගුවන් හමුදා ගිනි නිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇත.

ඩකා ගුවන්තොටුපොළේ ගින්නක් - ගුවන් ගමන් අත්හිටුවයි

එක්සත් ජනපද රාජ්‍ය සේවක රැකියා කප්පාදුව උග්‍ර අතට

රාජ්‍ය සේවය වසා දැමීම යටතේ එක්ස්ත් ජනපදය සිසාරා දස දහස් සංඛ්‍යාත රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි වෙමින් පවතී.

ඒ අනුව, එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද සෞඛ්‍ය ඒජන්සිය, දේශීය ආදායම් සේවය, අධ්‍යාපන දෙපාර්තමේන්තු, රාජ්‍ය වාණිජ ආයතන සහ අභ්‍යන්තර ආරක්ෂක සේවය යටතේ ඇති සයිබර් ආරක්ෂක කොට්ඨාශය වැනි රාජ්‍ය සේවයේ ආයතන රැසක සුවිසල් රැකියා කප්පාදුවක් සිදු කෙරෙමින් පවතී.

අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය ආයතන වසා දැමීමට ට්‍රම්ප් රජය ගත් තීරණයත් සමග 300,000කට අධික සිවිල් සේවක සංඛ්‍යාවකට මේ වන විටත් රැකියා අහිමි වී ඇතැයි වාර්තා වේ.

ජනපති ට්‍රම්ප් විසින් ඒ පිලිබඳ පූර්ණ වගකීම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වෙත පවරා තිබේ. පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ බහුතර බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයින් සතුව පැවතියද, සෙනෙට් සභාවට රාජ්‍ය අරමුදල් සම්පාදනය පිණිස ඩිමොක්‍රටික් පාක්ෂිකන්ගේ ඡන්දය අනිවාර්ය වේ. එම ඡන්දය නොලැබී යාමෙන්, එක්සත් ජනපද ෆෙඩරල් රජය අදියරෙන් අදියර වසා දැමීමට, ජනපති ට්‍රම්ප් ගත් තීරණයත් සමග හටගත් ගැටළුකාරී තත්ත්වය මේ වන විට, උත්සන්න වී තිබේ. එම තීරණයත් සමග බොහෝ රාජ්‍ය ආයතන අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම වසාදැමීමට පියවර ගැනෙමින් පවතී.

ෆෙඩරල් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම පිණිස, කොන්ග්‍රසය විසින් අදාළ අය වැය හෝ තාවකාලික අරමුදල් අනුමත නොකිරීම ඊට හේතුවයි.

බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් වැටුප් රහිත අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති අතර තවත් පිරිස් වෙත නියමිත් වැටුප් පොරොත්තුවෙන් තොරව සේවයේ යෙදීම අනිවාර්ය කර තිබේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/11/2025

එක්සත් ජනපද රාජ්‍ය සේවක රැකියා කප්පාදුව උග්‍ර අතට

සටන් විරාමයේ ඊශ්‍රායලය ෆාටා සිරකරුවන් නිදහස් කරන්නේ නෑ

සටන් විරාම ගිවිසුම් ප්‍රකාරව සිය හමුදා භාරයේ පසුවන හමාස් සිරකරුවන් 11 දෙනකු නිදහස් කරන බව ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය අද (10) නිවේදනය කළේය.

එම ගිවිසුම් ප්‍රකාරව ෆාටා (Fatah ) සංවිධානයට අයත් සිරකරුවන් 11 දෙනකු නිදහස් කිරීමට මීට පෙර නියමිතව තිබිණි. එහෙත්, ඒ සම්බන්ධයෙන් අවසන් මොහොතේ සිදු කළ වෙනස් වීම් හේතුවෙන් නව තීරණය ගත් බව හමුදා ගුවන් විදුලි නිවේදනයේ දැක්වේ.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වී පැය 72ක් තුළ හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දනකු නිදහස් කිරීමට නියමිතය.

ඊශ්‍රායලය විසින් නිදහස් කෙරෙන මුල් සිරකරුවන් 11 දෙනාට අමතරව, දීර්ඝ කාලයක් ඊශ්‍රායල සිර භාරයේ පසුවන පලස්තීනුවන් 250 දෙනකු සහ 2023 ඔක්තෝබර 07 ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට පත් පලස්තීනුවන් 1,700ක් ද නිදහස් කෙරේ.

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/10/2025

 මුලාශ්‍රය :

Israel to swap 11 Hamas prisoners instead of Fatah inmates under Gaza deal, army radio says

සටන් විරාමයේ ඊශ්‍රායලය ෆාටා සිරකරුවන් නිදහස් කරන්නේ නෑ

ලොව වියළිම කාන්තාරයේ අමුතු මල ගැන නව පර්යේෂණ ඇරඹේ

ලොව වියළිතම කාන්තාරයේ සුපුෂ්පිත කුඩා මලෙකින් කෘෂි ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට විද්‍යාඥයෝ සැරසෙති. චිලී දේශයේ පිහිටි ඇටකාමා කාන්තාරය ලොව වියළිතම කාන්තාරය සේ සැලකේ. එහි පිපෙන කුඩා පුෂ්පයක් සතු ජානමය ශක්‍යතාව උපයෝගී කර ගනිමින්, ගෝලීය කාළගුණ විපර්යාස හමුවේ, ඉදිරියේ හටගත හැකි දැඩි නියඟයට වුව ඔරොත්තු දෙන කෘෂි බීජ නිෂ්පාදනයට ඇති හැකියාව පිලිබඳ පර්යේෂණ ආරම්භ කිරීමට විද්‍යාඥයින් පිරිසක් ඉදිරිපත් ව සිටිති.

ස්පාඥ්ඥ බසින් බිඳී ආ 'පාටා ඩි ග්වානාකෝ' (Pata de Guanaco) යන නමින් හැඳින්වෙන එම පුෂ්පය, ඇටකාමා කාන්තාරයට අවේනික, කලාතුරෙකින් වට වර්ෂාවෙන් පසු එක යායට පිපෙන තද රෝස පැහැති කුඩා පුෂ්පයෙකි. එම මල් පිපීම කාන්තාරයේ, සුපුෂ්පිත ආශ්චර්‍යයක් ලෙස හැඳින්වේ.

චිලී දේශයේ අන්ද්‍රෙස් බෙලෝ විශ්වවිද්‍යාලයේ (Andres Bello University) පර්යේෂකයින් පිරිසක් විසින් එම පුෂ්පයේ ජානමය රටාව වෙන්කර හඳුනාගැනීමේ නවතම පර්යේෂණයක් ආරම්භ කර තිබේ. ලොව අති දුෂ්කරම කාන්තාරයේ, අධිකතර වියළි දේශගුණයක් යටතේ එහි නොනැසී පැවැත්ම අධ්‍යයනය කර, එම ජානමය ලක්ෂණ කෘෂි බීජ වෙත මුහුණ් කිරීම එහි අරමුණයි.

කාළගුණ විපර්යාස සමග, ඉදිරියේ හට ගත හැකි දැඩි නියඟයන් චිලී දේශයට පමණක් නොව ගෝලීය වශයෙන් ද, කෘෂි කර්මාන්තයට දැඩි අභියෝග එල්ල කරනු ඇතැයි පවසන එම විශ්වවිද්‍යාලයේ, පැලෑටි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, එරියෙල් ඔරෙලානා (Ariel Orellana), එවන් තත්ත්වයන්ට ඔරොත්තු දෙන කෘෂි බෝග හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් බව පෙන්වා දෙයි.

චිලී දේශය ජලය පිලිබඳ දැඩි අභියෝගයන්ට මුහුණ පා සිටින රටකි. ලෝක සම්පත් ආයතනය විසින් එය ලොව දරුණුතම ජල අර්බුද සහිත රටවල් අතරින් එකක් බවට නම් කර තිබේ. 2050 වනවිට එරට අතිශය සරුසාර මාධ්‍ය නිම්නය, දැවැන්ත තිරසර නියඟයකට බඳුන් විය හැකි බවට අනතුරු අඟවා තිබේ. එරට, අපනයනය පිණිස නිෂ්පාදනය කෙරෙන වයින්, පළතුරු මෙන්ම පශු සම්පත් රැසකට අදාළ ගොවිපොළ පිහිටා ඇත්තේ එම නිම්නය ආශ්‍රිතවය.

'පාටා ඩි ග්වානාකෝ' පුෂ්පය සතු සුවිශේෂී ලක්ෂණය වන්නේ, විවිධ කර්කෂක පරිසර තත්ත්වයන් යටතේ ප්‍රභාසංස්ලේශනයට ඇති ශක්‍යතාවය. ඒ සම්බන්ධයෙන් එය පර්යේෂණ ක්ෂේත්‍රයේ නිදර්ශක ශාකයක් බව ඔරෙලානා කියා සිටී. නියඟය, දැඩි හිරු රශ්මිය සහ ලවනතාවෙන් හෙබි විවිධ අත්‍යන්ත පාරිසරික තත්ත්වයන් යටතේ, පැවැත්ම උදෙසා ජලය රඳවා ගැනීමේ විශේෂ හැකියාවක් එම පුෂ්පය සතු වේ.

එකී පාරිසරික වෙනස්වීම් හේතුවෙන් සිදු වන බලපෑම ජානමය සාධක ඔස්සේ පාලනය කිරීමට පුෂ්පය සතු නම්‍යශීලී බව විශ්මය ජනක යැයි ඔරෙලානා පෙන්වා දෙයි. ඒ අනුව එය පැවැත්ම පිණිස ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කර ගන්නා ආකාරය සහ එහි විචල්‍ය ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය පිලිබඳ තව දුරටත් අධ්‍යයනය කෙරෙන බව පර්යේෂකයෝ පවසති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/9/2025

https://www.reuters.com/sustainability/cop/chiles-atacama-desert-flower-could-hold-key-drought-tolerant-crops-2025-10-08/

ලොව වියළිම කාන්තාරයේ අමුතු මල ගැන නව පර්යේෂණ ඇරඹේ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න