V2025

විදෙස්

බටහිර යුරෝපයටම ගංවතුර : මිය ගිය පිරිස 200කට ආසන්නයි

ජර්මනිය ඇතුළු බටහිර යුරෝපය පුරා පසුගිය දින කිහිපයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 200කට ආසන්නබවත්, තවත් සිය ගණනක් අතුරුදන් වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා සහන සේවා කණ්ඩායම් රැසක් මෙහෙයුම් සිදු කරමින් පවතින බව එම වාර්තා සදහන් කරයි.

බෙල්ජියමට සහ නෙදර්ලන්තයට ද මේ ගංවතුර තත්ත්වය නිසා දැඩි හානි සිදුවී ඇති අතර, ජර්මනියේ පමණක් මිය ගිය පිරිස 150කට ආසන්න බව වාර්තාවේ.

ගංවතුරෙන් විපතට පත් වූවන්ට යළි සිය නිවෙස් බලා පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, විදුලිය සහ ජල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත.

අධික වර්ෂාවත් සමඟ හටගත් ජල ගැල්ම හේතුවෙන් නෙදර්ලන්තයේ මාස් නදිය පිටාරා ගලා ගොස් ඇති අතර, එවැනි තත්ත්වයක් හටගෙන ඇත්තේ සියවසකට පමණ පසුව බවත් වාර්තා වේ. මාස් නදිය පිටාර ගැලීම නිසා ඒ අවට ජීවත්වන දසදහසකට අධික පිරිසක් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි: නව සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය (ලේකම්) මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමගයි.

ජනතාවට ලබාදුන් උපදෙස්, නීති සම්පාදනය කරන පුද්ගලයෙකු වශයෙන් තමා අතින් ගිලීහී යාමේ වරද පිළිගනිමින් ධුරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ජනතාව කරන කැපකිරීම්වලට ගරු කරමින් තමා එම තීරණය ගත් බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයින්ගෙන් ද සමාව අයැද තිබිණ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හිටපු චාන්සලර්වරයෙකු වන සජිඩ් ජාවිඩ් පත්කර තිබේ.

එම සිදුවීමට සම්බන්ධ ජිනා කොලඩන්ජෙලෝ ද, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළා ය.

ජර්මනියට ගංවතුර

දශක ගණනාවකට පසු ජර්මනියේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 92 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කළේය.

තවත් පුද්ගලයන් 1,300කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය දින කිහිපය ඇතුළත බටහිර යුරෝපයට ඇද වැටුණු වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ගංගා පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර, පළාත් රැසක් ජලයෙන් යට වී ඇතැයි ජර්මානු පුවත් සඳහන් කළේය.

ජර්මනියේ බටහිර පළාතට ගංවතුරෙන් වැඩි හානියක් සිදුවී ඇති අතර, එහි බලපෑම තක්සේරු කිරිම ද අපහසු වී ඇතැයි විදෙස් පුවත් අනාවරණය කළේය.

ඇතැම් පළාත්වල අධික වර්ෂාව හේතුවෙන් ජංගම දුරකතන සම්බන්ධතා ද බිඳ වැටී ඇත. එබැවින් විපතට පත්වූවන්ගේ තත්ත්වය සොයා බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට ද සිදු වී ඇත.

මේ වන විට අමෙරිකාවේ සංචාරයක නිරතව සිටින ජර්මානු චාන්සල්වරිය අනපේක්ෂිත විපත සම්බන්ධව දැඩි කනගාටුව පළ කර ඇති අතර, විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට බලධාරින්ට උපදෙස් දී තිබේ.

සිඩ්නි සති දෙකකට වැසේ

ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයවන සිඩ්නි නගරය සති දෙකක කාලයක් සදහා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිඩ්නි නගරයේ මේ වන විට  කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. 

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 80කට වැඩි පිරිසක් මේවන විටත් සිඩ්නි නගරයෙන් හමුවීම ඇති අතර, එසේම නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට නව තාක්‍ෂණය උපයෝගී කර ගන්නා බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව සිඩ්නි නගරය සහ ඒ අවට ප්‍රදේශ සියල්ල වසා ඇත.

ඉතියෝපියා මහ මැතිවරණය : අගමැති උඩින්ම දිණුම් !

ඉතියෝපියා අග්‍රාමාත්‍ය අභී අහමඩ්, පාර්ලිමේන්තුවේ ආසන 436න් 410ක් ජයග්‍රහණය කරමින් මහ මැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන ඇත.

ඒ අනුව ඉදිරි පස් වසරක කාලයේ ද, ඔහු ඉතියෝපියාව පාලනය කරනු ඇති.

මෙවර ඉතියෝපියා මැතිවරණය පැවැත්වුණේ ටිග්‍රේ කලාපයේ ගැටුම් සමග පුද්ගලයින් පන් ලක්ෂයකට අධික පිරිසක් සාගතයකය ගොඳුරු වී ඇති පසුබිමකදීය.

අනාරක්ෂිත බව සහ සැපයුම් ගැටලු හේතුවෙන් එරට ජනගහනයෙන් පහෙන් එකකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිව නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නොබෙල් සාම ත්‍යාගලාභී අභී අහමඩ් සඳහන් කර ඇත්තේ, මැතිවරණ ප්‍රතිඵලය ඓතිහාසික බවත් ලබන ඔක්තෝබර් මාසයේදී නව ආණ්ඩුව පිහිටුවන බවත්ය.

සුප්‍රකට මැකාෆී නිර්මාතෘ සියදිවි නසා ගනී

සුප්‍රකට පරිගණක වෛරස් ආරක්ෂණ පද්ධතියක් වූ මැකාෆි McAfee වෛරස් ආරක්ෂණ පද්ධතියේ නිර්මාතෘ ජෝන් ඩේවිඩ් මැකාෆි  ඔහුව සිරගත කොට තිබූ ස්පාඥ්ඥයේ බ්‍රයන්ස් සිරකඳවුරෙහි සිර කුටිය තුළ ඊයේ(23) සිය දිවි නසාගනිමින් මරණයට පත්ව ඇත.

මියයන විට මැකෆී මහතා පසු වූයේ 75 වැනි වියේ යි.

විකේතනය කල ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් ප්‍රවර්ධනය කිරීමත්, වසර 04ක් බදුමුදල් නොගෙවා සිටීමත් සහ තවත් චෝදනා කිහිපයක් මත කට්ටි පනිමින් සිටි මැකාෆි 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ස්පාඥ්ඥයේදී අත්අඩංගුවට පත්විය.

ඉන් නඩු වාර කිහිපයකින් පසු ඔහුව බාසිලෝනාවේ බ්‍රයන්ස් සිරකඳවුරෙහි වසර දහයකය අධික කලක් සඳහා සිරගත කරන ලදි.

1980 වසරේදී ඔහු විසින් සුප්‍රකට මැකාෆි ආරක්ෂණ පද්ධතිය සහ මැකාෆි පරිගණක හා මෘදුකාංග ආයතනය බිහිකල අතර පසුකාලයේදී ඔහු එම සියලුම වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 7.6කට ඇමරිකාවේ ඉන්ටෙල් සමාගමට විකුණා දමන ලදි.

ආදායම් බදු නොගෙවූ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අමෙරිකාවට පිටුවහල් කිරීමට එරට අධිකරණයක් තීන්දු කර අතර,  ඔහුගේ සිරුර හමුවී ඇත්තේ එම තීන්දුව ලබාදී පැය කිහිපයකට පසුව බවද වාර්තා වේ.

රුසියන් ගුවන් යානයක් අතුරුදන්

නැගෙනහිර රුසියාවේදී අනතුරට ලක්වූ මගී ගුවන් යානයේ පුද්ගලයන් 28 දෙනකු සිට ඇති බවත්, රුසියාවට අයත් 'ඒ.එන් 26' ගුවන් යානයක් අතුරුදන් බවත්, යානය කඩා වැටෙන්න ඇතැයි සැක කරන බවත් එරට ගුවන් පාලන අධිකාරිය පවසයි.

රුසියානු බලධාරීන් පවසන්නේ ගුවන්යානය ගොඩබැස්වීමට යාමේදී සිදුවූ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය පර්වතයක ගැටී කඩාවැටීමට ලක්ව ඇති බවය.

අදාළ මගී ගුවන්යානය අනතුරට ලක්වූ අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සහ මගීන් 22ක් එහි ගමන්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ගුවන්යානය පෙට්‍රෝපැව්ලොව්ස්ක් නම් ප්‍රදේශයෙන් පලානා නම් ගුවන්තොටුපළ දක්වා ගමන් අරඹා තිබුණි.

එය ගොඩබෑමට විනාඩි 10 ක් පමණ තිබියදී අනතුරට ලක්වී ඇති බව සඳහන් වේ.

ලංකාවට තව දුරටත් ඉතාලියේ දොරටු වැසේ!

පසුගිය ගතවූ මාස කීපය තුළ ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් ලොව පුරා රටවල් කීපයක්ම අප රටට, එනම් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහංචි දැමිමීම සිදුකළේ ලංකාවේ තත්වය අවදානම් රතු කලාපීය රටක් ලෙස නම් කරමින්. එයට ප්‍රධානතම හේතූන් ලෙස ඉන්දියාව,බංග්ලාදේශය හා පාකිස්තානය ඇතුලු කොවිඩ් වසංගතය පැතිරෙන බොහෝ රටවල පිරිස් ශ්‍රී ලංකාවට ගොස් නිරෝධායන වී යුරෝපා රටවලට සංචරණ වීම හේතුවෙනි….

රට 21 විවෘත කළද ඉතාලියට ඇතුලුවීමේ ශ්‍රී ලාංකික තහනම යලි දීර්ඝ කෙරේ !          

කොවිඩ් වසංගතයෙන් ඉතා දරුණ අත්දැකීමකට මුහුණ දුන් ඉතාලි රජය වර්ථමානයේ දැඩි විමසිල්ලෙන් හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට ක්‍රියාත්මක කරමින් කටයුතු කරන අතර දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලන තත්වය නිරීක්ෂණය කරමින් සිටී.          

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන ගුවන් ගමන් තහනම ජුනි මස 21දා වනතෙක් බලපැවත් වින,  එසේම නැවත සංචරණ සීමා ඉවත්කොට මේ මස 21වන දින රට විවෘත කරන පුවත සැලවුවද, ශ්‍රී ලංකාව තුළ පවතින අවදානම් තත්වය සැලකිල්ලට ගෙන ඉතාලි රජය විසින් ගුවන් ගමන් තහනම යලි ජූලි 31දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් ඉතාලි පුරවැසි භාවය දරණ ශ්‍රී ලාංකිකයන්ට අදාල පීසීආර් පරීක්ෂණ සිදුකොට ඉතාලියට නැවත ඇතුල්වීමේ කිසිඳු බාධාවක් නොමැති බවත් ඔවුන් සඳහන් කරති.

සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

පිලිපීන හමුදාවේ ගුවන් යානයක් කඩා වැටෙයි

පිලිපීන හමුදාවට අයත් C-130 ගුවන් යානයක් ජොලෝ දූපතට කඩාවැටී තිබේ

සොල්දාදුවන් 92 දෙනෙකු යානයේ ඒ වන විට සිට අතර,  මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 40 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි සදහන් කෙරේ.

පිලිපීන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ජෙනරාල් සිරිලිටෝ සොබේජනා පැවසුවේ යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර ගුවන් ධාවන පථය මග හැරී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.=

.

 

ආචාර්ය කේ.කේ.අභාවප්‍රාප්ත වෙයි

සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වූ ආචාර්ය කෙනත් කවුන්ඩා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ ඊයේ දිනයේදීය.

නිව්මෝනියා රෝගය වැලඳීමෙන් ඔහු සැම්බියාවේ ලුසාකා අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කර ඇති අතර මිය යන විට 97 හැවිරිදි වියේ පසු වූ කවුන්ඩාට කොවිඩ් ආසාදනය වී නොතිබූ බව ඔහුගේ සමීපතමයෝ පවසති.

කේ.කේ. නමින් අප්‍රිකාව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටි කවුන්ඩා වසර 27ක්ම අඛණ්ඩව සැම්බියාවේ ජනපති පදවියේ කටයුතු කළේය.

අප්‍රිකා මහාද්වීපයේ අධිරාජ්‍ය විරෝධී සටනේ නිරතව සිටි නායකයන් අතර අන්තිමයා වූ ආචාර්ය කවුන්ඩා 50 දශකයේදී එවකට උතුරු රොඩේෂියාව ලෙස හඳුන්වනු ලැබූ වත්මන් සැම්බියාවට නිදහස අත් කර දීමට බ්‍රිතාන්‍යය සමඟ කළ අරගලයේ කැපී පෙනෙන චරිතයකි.

නිදහස දිනා ගැනීමෙන් පසු 1964 වසරේදී සැම්බියාවේ ජනාධිපතිධුරයට පත් වු කවුන්ඩා 1991 වසරේදී මැතිවරණ රැල්ලකින්ම පරාජයට පත් වීමෙන් පසු තනතුරෙන් ඉවත් විය.

බලයෙන් ඉවත් වීමෙන් පසුවත් අන්තර්ජාතික වශයෙන් විවිධ ගැටලු සඳහා විසඳුම් සෙවීමට දායකත්වය දුන්නේය.

2002 වසරේදී ඔහු ඒඩ්ස් රෝගයට එරෙහි ගෝලීය සටනට එක් වූයේ ඔහුගේ පුත්‍රයකු ද ඒඩ්ස් රෝගයෙන් මිය යෑම හේතුවෙනි.

ජපානයේ නායයෑමක්

ජපානයේ එටාමි නගරයේ ප්‍රබල නායයෑමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.

ගතවූ පැය 48 තුළ මධ්‍යම ජපානයට බලපෑ ධාරානිපාත වැසි තත්ත්වයත් සමග එම නායයෑම සිදුව ඇත.

ගංවතුර සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28,500ක් මේ වනවිට අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන්:ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක්

ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් ඊයේ(13) දිවුරුම් දෙනු ලැබීය. 

ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නෆ්තාලි බෙනට් නව රජය සියලුම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවටත් ජාතිය එක්සත් කරන බවට ප්‍රතිඥා දී තිබේ.

අභිනව අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය උපුටා දක්විමන් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය නායකත්වය යටතේ රටේ අධ්‍යාපන, සෞඛ්‍ය සඳහා නව ප්‍රතිසංස්කරණ ගෙන එමින් අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි.

ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය.

ඒ සුළුතරයක් වූ හිටපු අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ පක්ෂය පරාජය කරමින් එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමත් සමගයි. ඔහුගේ පක්ෂය සමග තවත් පක්ෂ කිහිපයක් සංධානගත විය.

බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයකට අනූව ඔහු 2023 සැප්තැම්බර් මාසය දක්වා අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නියමිතය. කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම නව රජය බොහෝ සෙයින් අස්ථාවර බවයි.

ඒ මෙම නව සංධානය තුළ ඇති අන්ත දක්ෂිණාංශික සහ වාමාංශික පක්ෂවල සංයුතිය හේතුවෙනි.

පරාජයට පත්වීමෙන් පසු පැවති පාර්ලිමේන්තු විවාදයේ දී හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ තමා නැවතත් බලයට පැමිණෙන බවයි.

Page 13 of 13