බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට ජපානයේ සංචාරය කිරීම පිලිබඳ මාර්ගෝපදේශන නිකුත් කරයි.
ජපානයේ සංචාරය කිරීමේදී වලසුන්ගෙන් ආරක්ෂා වන ලෙස, එමගින් උපදෙස් ලබා දී තිබේ.
ජපානය පුරා වලස් ප්‍රහාර වර්ධනය වී ඇතැයි වාර්තා වේ.
අද (31) මධ්‍යහ්නය වන විට, මෙම මස තුළ පමණක් ජපන් වැසියන් 86 දෙනකු වලස් ප්‍රහාරයන්ට ගොදුරු ව ඇතැයි, එන්.එච්.කේ. (NHK) රූපවාහිනිය සිදු කළ විශේෂ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
සංචාරක, ව්‍යාපාරික සහ වෙනත් කටයුතු පිණිස ජපානය වෙත යන සියළු බ්‍රිතාන්‍යයන්ට වලසුන් පිලිබඳ විමසිලිමත් වන ලෙස බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශන මගින් දන්වා ඇත.
ජපානයේ කඳුකර සහ වන ගහනය සහිත ප්‍රදේශාශ්‍රිතව බහුල ලෙස වලසුන් ගැවසෙන බව එහි සඳහන්ය. එරට ඇතැම් ජනාකීර්ණ පෙදෙස්හි ද වලසුන් දර්ශනය වූ බවට වාර්තා වන බව එහි දැක්වේ.  
ජපානයේ සංචාරයට පෙර එහි ස්ථාන සහ වන ජීවය පිලිබඳ ගවේෂණයේ නියැලෙන ලෙස ද එමගින් දන්වා ඇත. වලසුන් ගැවසෙන බවට වාර්තා වන පෙදෙස් හි හුදෙකලාව ඔබ මොබ සැරිසැරීමෙන් වලකින ලෙසත්, වන සතුන් ආකර්ෂණය විය හැකි  බැවින්, ආහාර ශේෂ සහ වෙනත් අපද්‍රව්‍ය එහිම බැහැර නොකර යළි  රැගෙන එන ලෙසත් එම මාර්ගෝපදේශනහි වැඩි දුරටත් සඳහන්ය.
ජපානය, බ්‍රිතාන්‍යයන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වේ. ඉකුත් වසරේ ජපන් සංචාරයට එක් වූ බ්‍රිතාන්‍යයන් සංඛ්‍යාව 400,000 ඉක්මවන බව ජපානයේ ජාතික සංචාරක සංවිධානය පවසයි.
(සටහන | NHK  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/31/2025
British govt. urges Britons visiting Japan to watch out for bears | NHK WORLD-JAPAN News


 
     
     
    