බල්ගේරියාවේ ඉන්ධන සංචිත සිඳී යයි. එරට පෙට්රල් සංචිත ප්රමාණවත් වන්නේ තවත් දින 35කට පමණක් බව රාජ්ය සංචිත ඒජන්සිය අද (11) නිවේදනය කළේය. එරට විශාලතම තෙල් පිරිපහදුව, ගබඩා සංකීර්ණ සහ සැපයුම් නල යටිතල පහසුකම් හිමි ලූක්ඔයිල් ( Lukoil) සමාගමට එරෙහි, එක්සත් ජනපද සම්බාධක හමුවේ මෙම අර්බුදය පැන නැගී තිබේ.

