Image

නායයෑමෙන් බලපෑමට ලක් වූ Xizangහි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්

නායයෑමෙන් බලපෑමට ලක් වූ Xizangහි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්

නායයෑම් ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළය වෙත සහනාධාර ලබා දීමේ රැස්වීමක් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (28) පවත්වා තිබෙනවා. ඒ චීන ජනාධිපති, ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන්.

රැස්වීම ආරම්භ කරමින්, ෂී ජින්පිං ඇතුළු එහි සිටි සැවොම පළමුව, මිනිත්තු කිහිපයක නිශ්ශබ්දතාවක් පවත්වමින් මෙම ව්‍යසනයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කිරීමට එක් වුණා.

මෙම නාය යෑමෙන් පසු, අතුරුදන්වූවන් සහ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා ෂී ජින්පිං අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා . ඒ අනුව අග්‍රාමාත්‍ය ලී ච්‍යං ද ෂී ජින්පිං ගේ උපදෙස් පරිදි, අදාළ ආපදා ප්‍රදේශය වෙත වහාම ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කර ඇති බව වාර්තා වනවා. එහිදී මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඊට එක්වූ පුද්ගලයින් සහ පීඩාවට ලක්වූ ජනතාව ගේ සුවදුක් විමසීමට ද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. එමෙන්ම, විවිධ ආයතනවලට අයත් ආපදා සහන සැලසීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් ද මෙහි දී ආරක්ෂක අංශ සමග එක්ව විපතට පත් පිරිස් බේරා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු සඳහාත් විධිමත්ව එක්වෙමින් සිටින බව මෙම රැස්වීමේ දී සඳහන් කෙරුණා. තවද, මෙම මෙහෙයුම් ක්‍රියාවලිය තුළ දී, අදාළ ආයතන, ජනතාව වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයතු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කර තිබෙනවා. ස්වාභාවික විද්‍යානුකූල ක්‍රමවේදවලට අනුකූලව මුදාගැනීමේ සැලසුම් සකස් කරමින් අතුරුදන්ව සිටින සියලු දෙස් විදෙස් ජාතිකයින් සොයා ගැනීමට හැකි උපරිමය කළ යුතු බවටත් මෙහිදී දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

WhatsApp Image 2026 08 28 at 2.38.16 PM

මීට අමතරව මෙම ව්‍යසනයෙන් පීඩාවට ලක්වූ ජනතාව වෙනුවෙන් අදාළ පශ්චාත් ආපදා කටයුතු නිසි පරිදි සිදු කළ යුතු බවටත් මෙහි බලපෑමට ලක්වූ නේපාලයේ අදාළ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර ලබා දෙමින් ජාත්‍යන්තර මුදාගැනීමේ මෙහෙයුම් සහයෝගීතාව සිදු කළ යුතු බවටත් එම රැස්වීමේදී වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

 

dinushi

 

 

 

දිනූෂි ධීරසිංහ

 (චීන පුවත් සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න