එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) ඊශ්‍රායලය වෙත ලඟා වීමත් සමග හමාස් භාරයේ පසුවූ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් පළමු පිරිස නිදහස ලදහ.
ඒ අනුව, ප්‍රථමයෙන්, ප්‍රාණ ඇපකරුවන් හත් දෙනකු ගාසා තීරයේදී මුදා හැරිණි. ඉන් පසුව ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකුද මීට ස්වල්ප වෙලාවකට පෙර නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය. ඒ අනුව, හමාස් භාරයේ ජීවතුන් අතර වූ සියළු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස ලබා සිටී.
බටහිර ඉවුරේ ඊශ්‍රායල බන්ධනාගාර වෙතින් මුදා හළ පලස්තීන සිරකරුවන් රැගත් බස් රථ කිහිපයක් ගාසා තීරයේ නියමිත ස්ථානයක් වෙත ප්‍රවාහනය කෙරෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මේ අතර, ඊශ්‍රායලයට සැපත් වූ ජනපති ට්‍රම්ප්, එරට රාජ්‍ය නායකයා, ඉහළ පෙළ සියළු අමාත්‍යවරු, නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් ද එක්ව, ආචාර පෙළපාලි මධ්‍යයේ මහත් හරසරින් පිළිගත්හ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/13/2025

