ඇමරිකා එක්සත් ජනපදය "තායිවාන ස්වාධීනත්වය" සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
APEC ආර්ථික නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින ඇමරිකානු ජනාධිපතිවරයා අද (19) ෂෙන්සෙන් (Shenzhen) නගරයේදී චීන ජනාධිපති ෂී ජින්පිං හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
චීන පාර්ශ්වයෙන් තමාට ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තුතිය පළ ඩොනල්ඩ් ට්‍රම්ප්, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ගත වූ වසර 40කට වැඩි කාලයක් තුළ ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතාවය කැපී පෙනෙන ප්‍රගතීන් ලබා ඇති බව පැවසීය.
ජනාධිපති ෂී ජින්පිං සමඟ තමා සමීප සබඳතාවක් පවත්වාගෙන යන බවත්, එම මිත්‍රත්වය දිනෙන් දින පුළුල් වූ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතින අතර, දෙරට සබඳතාවල පවතින ස්ථාවරත්වය සහ එහි ගම්‍යතාව ඉදිරියට ගෙන යමින්, කෘෂිකාර්මික නිෂ්පාදනය, බලශක්තිය සහ කෘත්‍රිම බුද්ධිය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කළ හැකි යැයි ඔහු පෙන්වා දුන්නේය.
APEC ආර්ථික නායක සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් චීනයට සුබ පැතුම් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාව සහ චීනය යන රටවල් දෙකම ඉතා බලවත් ජාතීන් වන අතර, ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට එම රටවල් දෙක එක්ව නායකත්වය ලබා දිය යුතු බව ද සඳහන් කළේය.

දිනුෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
