චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APECආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
මෙහිදී, සමුළුව අමතමින් "ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් 'ආසියා-පැසිෆික් ආශ්චර්යයේ' නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම" යන මැයෙන් චීන ජනාධිපතිවරයා විශේෂ දේශනයක් ද පැවැත්වීය.
දශක තුනකට පෙර යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, APEC සංවිධානය පිහිටුවීමත් සමගම ආසියා පැසිෆික් කලාපය ගොඩනැගීමේ දැවැන්ත ගමන ආරම්භ වී තිබෙන බවත්, ගතවූ වසර 30ක කාලය තුළ ආසියා පැසිෆික් කලාපය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වෙමින් “ආසියා-පැසිෆික් ආශ්චර්යය" නිර්මාණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටිමින් එය තහවුරු කරන බව පෙන්වා දුන් ෂී ජින්පිං, ඉදිරි සැලසුම් කිහිපයක් ද ප්‍රකාශයට පත් කළේය:
මූල්‍ය සහය
APEC සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවට සහාය වීම වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සපයනවා.
පර්යේෂණ මධ්‍යස්ථානයක්
ආසියා-පැසිෆික් ප්‍රජාවක් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය Shenzhen නගරයේදී ස්ථාපිත කරමින් ප්‍රතිපත්ති අධ්‍යයනය හා හුවමාරු චීනය සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී සඳහන් විය.
නවෝත්පාදනය හා පරිසර හිතකාමී වර්ධනය
ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාව මත ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාතික දත්ත ගලනය, පිරිසිදු බලශක්ති, මධ්‍යම හා සුළු ව්‍යවසායන් සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ආයතන ස්ථාපිත කරමින් ආසියා-පැසිෆික් කලාපයේ නවෝත්පාදනය හා පරිසර හිතකාමී වර්ධනය බිහිකිරීමට චීනය ක්‍රියා කරනු ඇතැයි ද, චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිනුෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
