මිනිස් මොළයේ තනි ස්නායු සෛලයක ක්‍රියාකාරිත්වය ක්‍රියාත්මක කිරීමට හෝ අක්‍රිය කිරීමට මොළය භාවිතා කරන යාන්ත්‍රණයන් පිළිබඳව සිදු කළ පර්යේෂණ වෙනුවෙන් මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට හිමි වී තිබේ.
කාල් ඩීසෙරොත්, (Karl Deisseroth – 54), පීටර් හෙගමන් (Peter Hegemann – 71) සහ ජෝර්ජ් නාගල් (Georg Nagel – 73) යන විද්‍යාඥයන් තිදෙනෙකුට 2026 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත.
ඔවුන් විසින් ආලෝකයෙන් පාලනය වන අයෝනික නාලිකා (light-gated ion channels) සහ ඔප්ටොජෙනටික්ස් (optogenetics) පිළිබඳව මෙම පර්යේෂණ සිදු කර ඇත. මොවුන් ජර්මනියේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව පර්යේෂණ කටයුතුවල නිරත වන විද්‍යාඥයන් වේ.
නොබෙල් කමිටුව ඔවුන්ගේ කාර්යය අගය කරමින් ‘X’ ගිණුමේ සඳහන් කර ඇත්තේ, “මොළයේ අභිරහස් අනාවරණය කර ගැනීම සඳහා මෙම ක්‍රමය දැන් ලොව පුරා පිහිටි විද්‍යාගාරවල භාවිත කෙරෙමින් පවතින” බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
