Image

ලියෝ පාප්වහන්සේ හදිසි සැත්කමකට

ලියෝ පාප්වහන්සේ හදිසි සැත්කමකට

71 හැවිරිදි 14 වන ලියෝ පාප්වහන්සේගේ පෙනහැල්ලක හඳුනාගත් කුඩා ගැටිත්තක් (Nodule) ඉවත් කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව වතිකානය නිවේදනය කරයි.

රෝමයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැති සතිපතා ඉරිදා යැදුම් මෙහෙය අතරතුර ජනතාව අමතමින් පාප්වහන්සේ වෛද්‍ය පරීක්ෂණයකදී තම පෙනහැල්ලේ ඉතා මුල් අවධියේ පවතින සීමාකාරී ගැටිත්තක් සොයාගත් බව ප්‍රකාශ කළහ. එම ගැටිත්ත සැත්කමකින් ඉවත් කිරීම සුදුසු බවට වෛද්‍ය කණ්ඩායම කළ නිර්දේශයට තමන් එකඟ වූ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ශුද්ධ වූ ආසනයේ මාධ්‍ය ප්‍රකාශක මැටියෝ බෲනි (Matteo Bruni) සඳහන් කළ පරිදි, මෙම ශල්‍යකර්මය ලබන සතිය මුලදී සිදු කිරීමට නියමිත අතර, උන්වහන්සේ පූර්ණ සුවය ලැබීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. රෝමයේ පිහිටි ජෙමෙලි (Gemelli) රෝහලේදී මෙම සැත්කම කිරීමට අපේක්ෂිතය.

1981 වසරේදී දෙවන ජෝන් පෝල් පාප්වහන්සේට එල්ල වූ ඝාතන තැතෙන් පසුව, මෙම රෝහලේ පාප්වහන්සේලා උදෙසාම විශේෂිත වූ ආරක්ෂිත කුටියක් ස්ථාපනය කර ඇති අතර එය අදටත් භාවිත කෙරේ.

සැත්කම සිදු කළ ද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලට එය බාධාවක් නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පේරු යන රටවල සිදු කිරීමට නියමිත සංචාර සැලසුම් කළ පරිදිම සිදුවනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න