වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති සහ ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
2026 අප්‍රේල් මස 09 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයක් තුළ දී සිදු වී ඇති මළ දරු උපතක් සම්බන්ධව පුවතක් මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින අතර යම් මාධ්‍ය ආයතන කිහිපයක් එයට වැරදි අර්ථකතන ලබාදෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සමග මෙම සිද්ධිය සම්බන්ධ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
විදුලි ගාස්තු, ඉන්ධන මිල, ගෑස් මිල සහ වැට් බදු ඉහළ නැංවීම හරහා සමස්ත ජනතාවම දැඩි පීඩනයකට පත්ව ඇති බවත්විශේෂයෙන් ගොවි ජනතාවට අවශ්‍ය බීජ, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර, රජයේ අදූරදර්ශී තීරණ හේතුවෙන් පොහොර බෙදාහැරීමේ ජාලය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් පැවසී ය.
වන අලියා කියන සත්ත්වයාට දිස්ත්‍රික් මායිමක් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම: කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ද බලපාන බවත් මෙහි දී රටක් ලෙස 70%ක් අලි සිටින්නේ සංරක්ෂිත ප්‍රදේශවලින් පිට නං මේ ගැන අවධානය යොමුවිය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්, මහ බැංකුවටත් - භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසයක කාලයක් ලබා දෙමින්, පහළ ම මට්ටමේ නිලධාරීන්ට සහ ‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇති බවත් වාර්තාව පුරා ‘හුදු කරුණු වාර්තා කිරීමක් පමණක්’ (ONLY facts report) දැකිය හැකි අතර, මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපති වගකීම හැල්ලු කර ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
